සිංහයෝ අතින් සුද්දන්ට අදත් අන්ත පරාජයක්

Spread the love
  •  
  •  
  •  
  •  

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් ලකුණු 185 ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අජන්ත මෙන්ඩිස් ලකුණු 33ට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 32ට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වි‍ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.2 දී තරඟයේ ජය හිමිකර ගැනීමට සමත් වුණි.
ඒ කඩුළු දෙකක් පමණක් දැවීගොස් තිබියදීය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ‍වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නරත වු මහේල ජයවර්ධන නොදැවී ලකුණු 77ක් ලබා ගත් අතර කුමාර සංගක්කාර නොදැවි ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වී තිබේ. [sexypoll id=”9″]

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!