සැමියා බිරිඳව ඝාතනය කරයි…- කුළුඳුලේ දරුවාට මාස තුනයි (නාරම්මල හැඩවු කදුළු කතාවේ වීඩියෝව)

සැමියා බිරිඳව ඝාතනය කරයි…- කුළුඳුලේ දරුවාට මාස තුනයි (නාරම්මල හැඩවු කදුළු කතාවේ වීඩියෝව)

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

නාරම්මල ගල්වංගුව දඹගිරිගම ප්‍රදේශයේ පිහි ඇනුමකට ලක්‌වූ තිදරු මවක්‌ දරුණු කැපුම් තුවාල සහිතව එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇතැයි නාරම්මල පොලිසිය කියයි. පෙරේදා (16 දා) දින රාත්‍රියේදී එසේ මියගොස්‌ තිබුණේ 24 හැවිරිදි එච්. එම්. ඉශාරා ගිම්හානි නමැති තිදරු මවකි. ඇයගේ බාල දරුවා තුන්මස්‌ සිඟිත්තෙකි. සැමියා සමග ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් අදාළ පිහි ඇනුම සිදුව ඇති බවත් බිරිඳ ඝාතනය කළ සැකකාර සැමියා මේ වන විටත් ප්‍රදේශය හැරගොස්‌ ඇති බවත් පැවසූ පොලිසිය සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පැවසීය.අදාළ සිදුවීම වූ ස්‌ථානයේ ස්‌ථානීය පරික්‍ෂාව කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් සිදුකර ඇත. මෘතදේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා කුලියාපිටිය මූලික රෝහලට යොමුකරවන ලෙසට එහිදී නියම විය.

(Visited 136 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!