සැපට ගිහින් රටට වින කරන්න විග්නේශ්වරම්ට රජයෙන් කෝටියක ජීප් එකක්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට හා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගමි මහතා වෙත සුඛෝපභොගි වාහන දෙකක් ප‍්‍රදානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් අද(09) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදි සිදුකෙරිණ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත රුපිල් මිලියන 10 ක පමණ වටිනාකමින් යුතු වාහනයක්ද, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත රුපියල් මිලියන 7ක පමණ වටිනාකමින් යුතු වාහනයක්ද ලබා දී ඇති බැව් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම්වරයා හා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයා අදාළ වාහන බාර ගැනීමට පැමිණ සිටියහ.

පළාත් සභා අරමුදල් යටතේ අදාළ වාහන ලබාදී ඇති බැව්ද ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.

වැඩසටහන් අවස්ථාවට උතුරු පළාත් ප‍්‍රධාන ලේකම් ආර්.විජය ලක්ෂ්මි මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලංන්ගෝවන් මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වි සිටියහ.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!