සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමට වසර 2යි… රස පරීක්‍ෂක වාර්තාව අතුරුදහන්….

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමට වසර 2යි… රස පරීක්‍ෂක වාර්තාව අතුරුදහන්….

Spread the love
  •  
  •  
  •  
  •  

අවිස්‌සාවේල්ල, කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් රුපියල් බිලියන 12 ක පමණ පාඩුවක්‌ සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ කමිටුවක්‌ මගින් කරුණු ඉදිරිපත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
ඒ සිද්ධියට වගකිවයුතු හමුදා නිලධාරීන් 14 දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමට ද පියවර ගෙන ඇතැයි හෙතෙම කීය.
මෙම පිපිරීමෙන් විනාශයට පත්වූ වෙළෙඳ සල් යළි ඉදිකර ගැනීම ඇතුළු කාර්යයන් සඳහා යුද හමුදාව සතු අක්‌කර 5 ක ඉඩමක්‌ නිදහස්‌ කර තිබේ.
2016 ජුනි මස 5 වැනිදා පස්‌වරුවේ සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් එක්‌ අයකු මියගොස්‌ 47 දෙනෙක්‌ තුවාල ලැබූහ.
මෙම පිපිරීම සම්බන්ධයෙන් වාර්තාවක්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇති බවත් එහි නිගමනය තවමත් ලැබී නොමැති බැවින් එය සිදුවූයේ කෙසේද යන්න පැවැසිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!