සාදයකට ගොස් එමින් සිටියදී ජැක්ලීන් අනතුරකට පත්වෙයි….

සාදයකට ගොස් එමින් සිටියදී ජැක්ලීන් අනතුරකට පත්වෙයි….

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මේ මස 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත අධ්‍යක්ෂ රේමෝ ඩි සූසාගේ ‘රේස් ’ තුන්වැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ වූ නළු නිළියන් වෙනුවෙන් සාදයක් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය සල්මාන් ඛාන්ගේ ‘ගැලක්සි’ නිවසේදී පසුගියදා සංවිධානය කොට තිබුණි.මේ සාදය ආරම්භ වී ඇත්තේ රාත්‍රී 10 ට පමණ වන අතර අලුයම 2.30 ට පමණ අවසන් වී ඇත.එය අවසානයේ තම නිවස වෙත යන අතරතුරදී ජැකලින් මුම්බායි නගරයේ කටාර් වීදියේදී රිය අනතුරකට මුහුණ පා තිබේ.කෙසේ වෙතත්, මින් ජැකලින්ටත් ඇගේ රියදුරාටත් කිසිදු හානියක් නොවුණ අතර, රථයට තරමක් හානී සිදුවි ඇත.මේ අනතුරට හේතුවූ ත්‍රිරෝද රථයේ රියදුරු බීමත්ව සිටි හෙයින් මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය විය.ඔහුට එරෙහිව මුම්බායි පොලිසිය නීතිය ක්‍රියාත්මක කොට තිබුණ අතර, ජැකලින් හා රියදුරා කට උත්තර කිහිපයක් ගැනීමෙන් පසුව නිදොස් කොට පිටත් කර ඇත.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!