සාක්ෂිකරු මරා ලිඳට දැමු බවට ප්‍රබල සැකයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ගුරුවරියනවගත්තේගම පාසල ඉදිරිපිට පදිංචිව සිටි ආර්. එච්. එම්. පුණ්‍යසේන (55) නමැති තිදරු පියකුගේ මළ සිරුර එම අයගේ ඉඩමේ ළිඳක තිබී පෙරේදා (2දා) සොයා ගෙන ඇත.
ඒ වන විටත්, දින කීපයක්‌ ළිඳේම තිබී සිරුර බෙහෙවින් නරක්‌ වී තිබී ඇති අතර පසුව නවගත්තේගම පොලිසිය මගින් දේහය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව පැවැති වෛද්‍ය පරීක්‍ෂණයේදී ස්‌වාභාවිකව දියේ ගිලී මියගොස්‌ නොමැති බවත්, සිරුරේ සැකකටයුතු තැළුම් පහරවල් දක්‌නට ඇති බවත් වැඩිදුරටත් පරීක්‍ෂණ කටයුතු සඳහා සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමටත් තීන්දු කොට ඇත.
මෙම මියගිය අය මීට ඉහත රටේ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් දේශපාලකයකු විසින් නවගත්තේගම ගුරුවරියක වූ සුසිලා ප්‍රියානි හේරත් මහත්මිය දණ ගැස්‌සවූ නඩුවේදී දේශපාලකයාට එරෙහිව ප්‍රධාන සාක්‍ෂිකරුවකු ලෙසද සාක්‍ෂි දී තිබිණි.
එසේම ඔහු සතුව තිබූ ඉඩම්, ඉඟිණිමිටිය ජලාශ ව්‍යාපාරයට යට වීම නිසා ඒ සඳහා පසුගිය දිනවල වන්දි මුදල් වශයෙන් ඔහුට ලක්‍ෂ ගණනක්‌ ලැබී තිබුණ බවද ප්‍රදේශවාසීහු පවසති.
කෙසේ වූවත් මරණය පිළිබඳව විවිධ කට කතා පැතිරයමින් පවතී.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!