” සාකච්ජාව උණුසුම් – ජොන් ගෙනා රාජපක්‍ෂලා ගැන යෝජානවට අන්තිමේදී සිරිසේන එකඟ වේ”

” සාකච්ජාව උණුසුම් – ජොන් ගෙනා රාජපක්‍ෂලා ගැන යෝජානවට අන්තිමේදී සිරිසේන එකඟ වේ”

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කර සිටින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය පක්ෂයෙන් නෙරපිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් නිසා පෙරේදා (18දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක් උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වී ඇත .ආසන සංවිධායක තනතුරුවලින් දැනට ඉවත් කර සිටින පිරිස සහ ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් පක්ෂයෙන් නෙරපා හැරිය යුතු බවට යෝජනා කර තිබෙන්නේ ශ්‍රී ලනිප පක්ෂයේ මහලේකම්වරයා විසින් බව ආරංචි මාර්ග ඇත.එම යෝජනාවට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා දැඩි ලෙස විරෝධතාවක් පළකර ඇති බවද දැනගන්නට ලැබේ.“අපි මේ පක්ෂය සමඟි කරන්නට හැම උත්සාහයක්ම ගන්නවා. විවිධ අන්දමින් සාකච්ඡා පවත්වා තිබෙනවා. යම් යම් එකඟතාවන් ඇතිකරගෙන පක්ෂය කඩාවැටීමෙන් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරා පක්ෂයේ සමඟිය ගොඩනඟමින් සිටින අවස්ථාවක අපි කවුරුත් ලොකු වගකීමකින් යුතුව කරන්න ඕන. මේ විදියට වැඩ කරන්න ගියොත් අපේ පක්ෂය දෙකඩ වෙන එක නවත්වන්න බැරිවේවි” යැයි ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් පවසා ඇත.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!