“ස්ථාවරයේ වෙනසක් නෑ” – TNA

“ස්ථාවරයේ වෙනසක් නෑ” – TNA

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් වව්නියාව ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ (14) පැවැත්විය.
ඊට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙන්ම පළාත් සභා නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරීන් එක්ව සිටිහ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එම සාකච්ජාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,
“අපේ මධ්‍යම කාරක සභාව රැස් වුණා. අපි වැදගත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන ක්‍රමය ගැනත්, ඒ වගේම අපේ ජනතාව නිතරම මුහුණ දෙන අවශ්‍ය කටයුතු සම්බන්ධයෙනුත් සාකච්ජා කරා. අපේ ස්ථාවරය, දේශපාලන විසඳීම් සඳහා අපේ ස්ථාවරය වෙනස් වීමක් මොනවත් වෙලා නෑ කියලා අපි තීරණයක් ගත්තා.
අපි දැන් පක්ෂය ගන්න ක්‍රියාමාර්ග ගැන සතුටුයි කියලා මධ්‍යම කාරක සභාව තීරණයක් අරන් තියනවා.”

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!