“ස්ට්‍රයික් කළොත් බස් රාජසන්තකයි.! 25,000 දඩය වෙනස් කරන්නේ නෑමයි.!“

“ස්ට්‍රයික් කළොත් බස් රාජසන්තකයි.! 25,000 දඩය වෙනස් කරන්නේ නෑමයි.!“

Spread the love
  •  
  •  
  •  
  •  

“රුපියල් විසිපන්දාහේ දඩය ඉවත් කරන ලෙස කියමින් බස් රථ සේවකයින් නැවතත් වැඩ වර්ජනයක් ආරම්භ කරන්නට සූදානම් වෙනවා. මම නම් කියන්නේ යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවයි. නැතිනම් සියළුම පෞද්ගලික බස් රථ රජයට පවරා ගන්නට ඕනෑ කියලයි“. අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටියි.
“මහපාරේ වැරදි කරන රියදුරන්ට එරෙහිව මෙවර අයවැය මගින් පැනවූ දඩ මුදල අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුමයි. ජනප්‍රිය සටන්පාට වලට මුවාවී මම කටයුතු කරන්නේ නෑ. මත්පැන් පානය කර, රියදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනය කර සිදුවන අනතුරුවලින් මියයන ජීවිත වල වටිනාකම රුපියල් 25,000 ට වඩා වටිනවා. ඒ නිසා මෙම දඩමුදල අනිවාර්යෙන් පැනවිය යුතුමයි.“ අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
ඒ මහතා මෙම අදහස් ඉදිරිපත් කළේ පසුගියදා ෙබිරුවල පයාගල ක්‍රීඩාංගණයේ දී පැවති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ “ස්ව ශක්ති මාතා” වැඩසටහනට සහභාගි වෙමිනි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!