සහරාන් සමඟ සබඳතා පැවැත්වූ විදුහල්පතිවරුන් දෙදෙනාට අත්වූ ඉරණම

සහරාන් සමඟ සබඳතා පැවැත්වූ විදුහල්පතිවරුන් දෙදෙනාට අත්වූ ඉරණම

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයා සහ වැඩබලන විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද කැබිතිගොල්ලෑවමහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමෙන් අනතුරුව ලබන 28 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිළධාරින් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.ඔවුන් දෙදෙනා හට තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති බවට සිදුකළ මුලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.‍සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාල ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට භාර දී ඇති බවද විමර්ශන වලින් අනවරණය වී තිබුණි.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!