සහරාන්ගේ ගෝලයාගේ නිවස CID භාරයට

සහරාන්ගේ ගෝලයාගේ නිවස CID භාරයට

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ  දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ සිටි ජාතික  තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන  මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයකු  බව කියන  කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම්ගේ  සිද්ධියට අදාළ  නිවස  බාරගත්  බව  අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයට කරුණු වාර්තා කළේය.දෙමටගොඩ පොලීසිය මගින් කළ විමර්ශන ගොනු බාරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනකු  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!