
සහය දෙන අපේක්ෂකයා ගැන TNA තීන්දුව..?
ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින් සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබදව ගන්නා තීරණය මේ මස 31 වෙනිදා ප්රකාශයට පත් කරණ බව දෙමළ ජාතික සන්ධානය ප්රකාශ කර සිටිනවා.මේ වන විට ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පැවැත් වූ බවත් ප්රධාන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් දෙමළ ජාතික සන්ධානය ප්රකාශ කරණ අතර ඔවුන්ගේ ප්රතිචාරය දැක්වීමට කල් ඉල්ලීම නිසා දෙමළ ජාතික සන්ධානයේ තීරණයද මෙපමණ කාලයක් කල් ගිය බව පැවසීය.නමුත් මේ රටේ ප්රධාන දේශපාලන පක්ෂ තුනේ පිරිස සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය සමග ඔවුන් කිසිවක් මෙතෙක් සාකච්ඡා කොට නොමැති බවයි.
(Visited 144 times)