සමනළ යුගය අවසන්…!!!  STF වෙඩි ප්‍රහාරයෙන් පාතාලයන් දෙදෙනෙක් මරුට…

සමනළ යුගය අවසන්…!!! STF වෙඩි ප්‍රහාරයෙන් පාතාලයන් දෙදෙනෙක් මරුට…

Spread the love
  • 95
  •  
  •  
  •  
    95
    Shares

කොට්ටාව, රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැණීමට යාමේදි , සැකකරුවන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම අවස්ථාවේදි විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරින් විසින් එල්ලකළ ප්‍රථිප්‍රහාරයෙන් සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇත.
එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන අය බව හඳුනාගෙන ඇත.
හබරකඩ වසන්ත යන අය මීට මාස කිහිපයකට පෙර මාතර නගරයේ රන් භාණ්ඩ ආයතනය කොල කෑමට පැමිණි සැකකරුවෙකු වේ.
සැකකරුන් සන්තකයේ තිබි මැෂීන්ගන් වර්ගයේ තුවක්කුවක් මයික්‍රෝ වර්ගයේ පිස්තොල අවියක් සොයාගෙන ඇත.

(Visited 202 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!