සබීතාගේ බිල්ඩිමේම කෘෂිකර්මය හිරවෙයි

සබීතාගේ බිල්ඩිමේම කෘෂිකර්මය හිරවෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල සඳහා වසර පහක කුලී ගිවිසුමක්‌ අත්සන් කර ඇති හෙයින් ඒ දක්‌වා කුලිය වශයෙන් රුපියල් මිලියන නවසිය හැටක මුදලක්‌ ගෙවීමට සිදුවනු ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. ගතවූ වසර තුනක කාලය සඳහා රුපියල් මිලියන 504 ක්‌ ගෙවා ඇති අතර යම් හෙයකින් ඉදිරි වසර දෙක සඳහා ගිවිසුම අවලංගු කළහොත් තවත් මිලියන 456ක්‌ මෙම ගොඩනැඟිල්ලට ගෙවීමට අමාත්‍යාංශයට සිදුවණු ඇත. මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යාමට වෙනත් ස්‌ථානයක්‌ නොමැති බවද අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටී.කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව බත්තරමුල්ලේ හෙක්‌ටයාරයක ඉඩමක්‌ තිබෙන අතර රාජගිරිය පෞද්ගලික ගොඩනැඟිල්ල වෙත වැය කරන රුපියල් මිලියන නවසිය හැටක මුදලින් මෙම ඉඩමේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම් හැකියාව තිබූ බවද මෙම ප්‍රකාශකයා පවසයි.රාජගිරිය නව ගොඩනැඟිල්ල කුලියට ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තුව විසින් ආංශික අධීක්‍ෂණ කාරක සභා සඳහා පවරාගෙන ඇති අතර එම මන්දිරය යළි කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස ඉල්ලා කථානායකවරයා වෙත ලිපියකින් දැනුම්දී ඇත.රාජගිරිය පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා රජය විසින් ඇස්‌තමේන්තු කළ මාසික කුලිය රුපියල් මිලියන 14 ක්‌ වුවත් ඒ සඳහා මාසිකව ගෙවන මුදල රුපියල් මිලියන 21 ක්‌ බවත් එම මිලියන 21 න් මිලියන 15 ක්‌ කුලිය ලෙසද තවත් මිලියන 6 ක්‌ සේවා ගාස්‌තු ලෙසද මාසිකව ගෙවන බවත් හෙතෙම සඳහන් කළේය.කෙසේ වෙතත් මෙම ගොඩනැඟිල්ල සඳහා ඉදිරියටත් කුලී මුදල් ගෙවා ඇති නිසා මෙම මුදල් යළි ලබාගත හැකිද යන්න සොයා බැලීමට සහ වසර පහ ඉක්‌ම යෑමට පෙර අදාළ ගිවිසුම අහෝසි කළ හැකිද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් සය පුද්ගල කමිටුවක්‌ පත්කර ඇතැයි කී හෙතෙම ඉදිරි කටයුතු සඳහා ඇමැතිවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක්‌ පවත්වන බවයි.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!