සති අන්තයේ සැදැහැවතුන් ලක්ෂ දෙකක් සිරිපා කරුණා කරති

සති අන්තයේ සැදැහැවතුන් ලක්ෂ දෙකක් සිරිපා කරුණා කරති

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ගෙවීගිය සති අන්තයේ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂ දෙකක ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇත.
සිරිපා කරුණා කිරීමට මෙසේ බැතිමතුන් අතිවිශාල පිරිසක් පැමිණීමත් සමග ඔවුන්ගේ වාහන නල්ලතන්නිය සියළුම රථගාල් වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිලෝමිටර් 5 පමණ දුරට මාර්ගය එක් පසක ගාල් කර තිබිණි.
අධීක ලෙස පිරිස් පැමිණීම නිසා ඇතැම් නඩවලට ශ්‍රි පාදය කරුණා කිරිමට නොහැකිව ආපසු යෑමට සිදුවිය.
සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ඊයේ (02) සිට ධාවනය වු විශේෂ දුම්රියෙන් ද ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් දුම්රිය ස්ථානයට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණුනි.

(Visited 9 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!