සජි පුතාට කඩේ යන්න ගිය චන්ද්‍රිකා-වෙල්ගම හවුල අරුවක්කාරු ජනතාව පන්නා දමයි

සජි පුතාට කඩේ යන්න ගිය චන්ද්‍රිකා-වෙල්ගම හවුල අරුවක්කාරු ජනතාව පන්නා දමයි

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට ඊයේ (08) සහභාගි වූ අතර ඒ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.රැස්වීම අවසානයේ බණ්ඩාරනායක මහත්මියගේ කතාව අවසන් කිරීමත් සමඟ අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරන පුත්තලම නගරයේ පිරිසක් කසල අංගනය පිළිබඳව එතුමියගේ ස්ථාවරය විමසුවේය.එහිදී අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් පවසා සිටියේ මේ වන විට කසල අංගනයේ පිපිරීම් පවා ඇතිවී ඇති බවත් ඒ සමඟම මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට ජනතාවට සිදුවන බවත්ය.එහිදි බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියේ මේ සඳහා විසඳුමක් ඡන්දයෙන් පසුව ලබා දෙන බවයි. එයට විරෝධය දැක්වූ පිරිසකට තවත් පිරිසක් පහර දීමට සැරසුන අතර ඒ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

(Visited 360 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!