සජිපිළේ දිගම්බරම් ඉල්ලා අස්වෙයි..?

සජිපිළේ දිගම්බරම් ඉල්ලා අස්වෙයි..?

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

ජාතික කම්කරු සංගමයේ නායක සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් වතු අංශයේ සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අවසන් දිනයක් ලබා දීමට නියමිත බව සන්ඩේ මෝනිං වාර්තා කරයි. අමාත්‍ය දිගම්බරම් මෙම සතියේ සජිත් ප්‍රේමදාස හමුවීමට ඉඩ ඇති බවත්, වතුකරයේ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට පොරොන්දුවක් ඉල්ලීමට නියමිත බවත්, එය අසමත් වුවහොත් දිගම්බරම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සන්ඩේ මෝනිං තවදුරටත් වාර්තා කරයි. “වතු කම්කරුවන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස වැඩි කරන්නැයි මම ඉල්ලා සිටිනවා. ප්‍රේමදාස එසේ කිරීමට එකඟ නැති නම්, මම මගේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.” යැයි ඔහු පවසා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා ඇත.

(Visited 598 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!