සජින් ද වාස් ගුණවර්ධන රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 20ක් අයථා ලෙස භාවිතා කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ජනපතිගේ ප්‍රබල ආධාකරුවෙකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී වූ සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන 20 දක්වා රිමාන්ඩ් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙතෙම අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
පසුගිය රජ‍ය සමයේ විවිධ තනතුරු දැරූ පුද්ගලයින් ඔවුන්ට එරෙහි චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු මේවන විට සිදුවන ආකාරයක් දක්නට ලැබෙයි.
ඒ අනූව බැසිල් රාජපක්ෂ හා ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් දෙදෙනාම මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවේ.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!