සකුන්තලාගේ දෙමව්පියන්ගේ වැරදි තීරණය නිසා දියළුම දිය ඇල්ලේ සැඟවුන පෙම් යුවල

සකුන්තලාගේ දෙමව්පියන්ගේ වැරදි තීරණය නිසා දියළුම දිය ඇල්ලේ සැඟවුන පෙම් යුවල

Spread the love
  •  
  •  
  •  
  •  

දියලුම දිය ඇල්ල දේශීය මෙන්ම විදේශිකයන්ගෙන් නෙත් සිත් පිනවන සොබාදහමින් අපේ රට ලද තවත් එක්‌ අපූර්ව දායාදයක්‌ ලෙස හැඳින්විය හැකියි. නමුත් අප කතා කරන්නට යන්නේ දියලුම දිය ඇල්ලේ ඇති සුන්දරත්වය ගැන නොවේ. පසුගියදා එම දිය ඇල්ලෙන් පහළට පැන දිවි නසාගත් ගැටවර වියේ පෙම් යුවළගේ ශෝකාන්තය පිළිබඳවයි.
හපුතලේ නිකපොත ප්‍රදේශයේ පදිංචි සකුන්තලා උදයන්ති දහසය හැවිරිදි තරුණියකි. පාසල් අධ්‍යාපනය හදාරන ඇය සුරූපී රූ සපුවකට හිමිකම් කීවාය. දිගට වැවුණු වරලස, සඳක්‌ වැනි වටකුරු වූ මුහුණේ නිතරම වාගේ දකින්නට ලැබෙන සුන්දර සිනහව ඇයට ගෙන දුන්නේ අපූර්ව සුන්දරත්වයකි. නමුත් සකුන්තලා තම රූප ස්‌වභාවය නිසා වෙන තරුණියන් මෙන් කිසි දිනක ආඩම්බර වුණේ නැත. කා සමගත් හොඳින් කතාබහ කළ ඇය ගත කළේ සරල දිවි පෙවෙතකි.
ලස්‌සන නිසාමදොa සකුන්තලාටද තරුණයන්ගෙන් ගැලවුමක්‌ නැති විය. බොහෝ තරුණයෝ ඇයගේ ආදරය පැතූහ. නමුත් ඒ කිසිවකුටත් ඇය කැමති වූයේ නැත. මහ බඹා ඇගේ නළලේ කොටා තිබුණේ යෝගරාඡ්ය.
සකුන්තලාට යෝගරාඡ්ව මුණගැසුණේ මීට වසර කිහිපයකට පමණ පෙරය. දුටු මුල්ම දවසේම සකුන්තලාගේ සිතතුළ යෝගරාඡ් පිළිබඳ අමුතුම පැහැදීමක්‌ ඇතිවිය. යෝගරාඡ් කඩවසම් නොවුණත් හිත හොඳ අහිංසක තරුණයෙක්‌ විය. යෝගරාඡ් ද සකුන්තලා ගැන දහසක්‌ සිහින මැව්වේය. ඔහුගේ සිතේ කියාගත නොහැකි තරම් ආදරයක්‌ සකුන්තලා වෙනුවෙන් ඉපදී තිබුණි.
නමුත් එය ප්‍රකාශ කිරීමට ඔහුට කාලයක්‌ ගතවිය. එයට ප්‍රධානම හේතුව වූයේ යෝග රාඡ්ගේ පවුල් පසුබිමයි.
යෝගරාඡ් කුඩා කළම ඔහුගේ දෙමාපියන් මියගොස්‌ තිබුණි. ඔහුව එදාසිට හදාවඩාගෙන ඇත්තේ පුංචිඅම්මා කෙනෙකි. ඔවුන් ජීවත් වන්නේ වළං කර්මාන්තයේ නියෑලෙමින් ලැබෙන සොච්චම් මුදලකිනි. එම නිසා කුඩා කල සිට යෝගරාඡ් ගෙවා ඇත්තේ ඉතාම කටුක ජීවිතයකි. මෙවැනි පසුබිමක්‌ යටතේ යෝගරාඡ් සකුන්තලා ආදරය ප්‍රකාශ කිරීමට බිය විය. නමුත් සකුන්තලා මේ සියල්ල දැනගෙන සිටියාය. ඇයට වුවමනා වූයේ යෝගරාඡ්ගේ අවංක ආදරය පමණි. කාලයක්‌ ඇවෑමෙන් කාටත් හොරා සකුන්තලා සහ යෝගරාඡ් පෙම්වතුන් බවට පත්වූයේය.
කුඩා කල සිටම හරිහමන් ආදරයක්‌ නොලද යෝගරාඡ්ට සකුන්තලාගේ ආදරය මහ මෙරටත් වඩා වටිනා එකක්‌ විය. ඔහු දිවි හිමියෙන්ම සකුන්තලාට ආදරය කළේය. සකුන්තලාද එසේමය. යෝගරාඡ්ගේ ආදරය ඇයට හොඳ හැටි දැණුනි. වසර ගණනක්‌ පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුන් කිසි දිනක රණ්‌ඩුසරුවල් වී නොතිබුණි. ඒ තරමටම ඔවුහු ආදරයෙන් බැඳී සිටියහ.
යෝගරාඡ් තම පුංචිඅම්මාට සකුන්තලා ගැන පවසා තිබුණි. ඇය එම සම්බන්ධතාවට කිසිම විරුද්ධත්වයක්‌ පළ නොකළාය. සකුන්තලාගේ ගෙදරින් මෙම ප්‍රේම සම්බන්ධය දැනගත්දා සිට එයට එල්ල වූයේ බාධාවන්ය. සකුන්තලාගේ පවුලේ උදවිය නිතරම පැවසුවේ මේ සම්බන්ධය නවතා දමන ලෙසටය. නමුත් සකුන්තලා එය කනකට ගත්තේවත් නැත. ඇයට වුවමනා වූයේ මෙම ආදර සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන යැමටයි. ඇය එකහෙලා පවුලේ උදවියට පැවසුවේ තම පෙම්වතාව අමතක කිරීමට නොහැකි බවයි.
යෝගරාඡ් මේ වන විට පාසල් අධ්‍යාපනය අවසන් කර කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක රැකියාවක නිරත වෙමින් සිටියේය. දුර ප්‍රදේශයක රැකියාව කළත් යෝගරාඡ් ලද සැම විටම සකුන්තලා මුණගැසීමට අමතක නොකළේය.
සකුන්තලාට නිවසින් එල්ලවන බලපෑම් වැඩිවන්නට විය. ඔවුන් නිතරම පැවසුවේ පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධතාවය නතර කර දමා හොඳින් අධ්‍යාපන කටයුතු හදාරන ලෙසටය. නමුත් ඒ සෑම මොහොතකම සකුන්තලා එයට විරුද්ධ වූවාය. ඇය එකහෙලා ප්‍රකාශ කළේ එම ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමට නොහැකි බවයි. එවැනි සමහර අවස්‌ථාවලදී ඇයට දෙමාපියන්ගෙන් ගුටිබැට කෑමට පවා සිදුවූවාය. ටික කලක්‌ ගතවෙද්දී ඇයට ගෙදර අපායක්‌ විය. පවුලේ උදවිය නුරුස්‌සන ගතියක්‌ද ඇයට තිබුණි. ඇයගේ එකම සම්පත වූයේ යෝගරාඡ්ය.
සකුන්තලාගේ පවුලේ උදවියගෙන් එල්ලවන බලපෑම් ගැන යෝගරාඡ්ද හොඳ හැටි දැන සිටියේය. ඔහුද ඒ ගැන සිටියේ දැඩි කනස්‌සල්ලකිනි.
අවුරුදු නිවාඩුවට යෝගරාඡ් ගමට පැමිණියේ පසුගිය දොළොස්‌ වැනිදාය. නමුත් අවුරුදු සමය නිසා සකුන්තලා මුණගැසීමට ඔහුට දින කිsහිපයක්‌ බලා සිටීමට සිදුවිය. පසුගිය 19 වැනිදා උපකාරක පන්තියකට සහභාගි වන බව පවසමින් සකුන්තලා නිවසින් පිටවූවාය. එදින ඇය එම උපකාරක පන්තියට සහභාගි නොවූවාය. කලින් කතා කර ගත් පරිදි එදින ඇය තම පෙම්වතා මුණගැසීමට තීරණය කළාය.
යෝගරාඡ් මග බලා සිටියේ තම පණමෙන් ආදරය කරන පෙම්වතිය පැමිණෙන තෙක්‌ය. සුපුqරුදු වෙලාවට සකුන්තලා පැමිණියාය. පැය ගණනක්‌ ඔවුන් කතා කළේ තම සම්බන්ධතාවට නිවසින් එල්ලවන බලපෑම් ගැනය. එම ප්‍රශ්නයෙන් ගැලවීමේ සාර්ථක විසඳුමක්‌ එම තරුණ යුවළගේ සිත්වලට පහළ නොවීය. ඔවුන් දෙදෙනා මෙම සම්බන්ධය නතර කර දැමීමටද අකමැති වූහ. එම නිසා සකුන්තලා සහ යෝගරාඡ් දැඩි තීරණයක්‌ ගත්හ.
කොස්‌ලන්ද නගරයේ හෝටලයකින් දහවල් ආහාරය ගත් මෙම පෙම්වතුන් යුවළ කොස්‌ලන්ද පූනාගල මාර්ගය දිගේ දියලුම ඇල්ලේ උඩ කොටස වෙත ගමන් කළහ. එම ස්‌ථානයේ මොහොතක්‌ ගත කළ ඔවුන් දෙදෙනා කතා කරගත් පරිදි ඉදිරි තීරණය ක්‍රියාත්මක කිරීමට සැරසුනහ.
සකුන්තලා ජංගම දුරකථනයෙන් තම මව වන ජයන්තිට දුරකථන ඇමතුමක්‌ ගත්තාය. ඇය අවසන් වරට ප්‍රකාශ කළේ තම ප්‍රේම සම්බන්ධය නිවසේ අය අකමැති බැවින් දියලුම ඇල්ලෙන් පැන දිවිනසා ගන්නා බවයි. ඒ මොහොතේදී සකුන්තලාගේ මව තම ස්‌වාමි පුරුෂයාට මේ බව දැනුම් දී තිබුණි. ඔහු වහාම 119 අංකයට මේ බව දන්වා කොස්‌ලන්ද පොලිසියටද ගොස්‌ තිබුණි. සිද්ධිය කියූ සැනින්ම පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු සමග සකුන්තලාගේ පියා පොලිස්‌ ජීප් රථයකින් දියලුම ඇල්ලේ මුදුණටම නැංගේය. පොලිස්‌ නිලධාරීන් සමග තම පියා එනු දුටු සකුන්තලා තවත් යෝගරාඡ්ට ලංවුණි. ඔවුන් එකිනෙකා තරයේ බදා ගත්තේය. ගතවූයේ නිමේෂයකි. පොලිස්‌ නිලධාරීන්ට සහ සකුන්තලාගේ පියාට කිසි දෙයක්‌ සිතා ගැනීමටවත් කාලයක්‌ නොතිබුණි. සකුන්තලා සහ යෝගරාඡ් දියලුම ඇල්ලෙන් පහළට පැන්නේය.
කොස්‌ලන්ද පොලිසිය හා ප්‍රදේශවාසීන් පැවැති අධික වර්ෂාවත් නොතකා එදිනම සකුන්තලාගේ මෘත ශරීරය සොයාගත්තේය. ගලක්‌ තුළ සිරවී තිබුණ යෝගරාඡ්ගේ මළ සිරුර සොයා ගත්තේ ඊට පසු දිනයි.
සකුන්තලා තම මවට දුරකථන ඇමතුම දුන් අවස්‌ථාවේ ඇය බුද්ධිමත්ව කටයුතු කළානම් මෙවැනි සිද්ධියක්‌ ඇති නොවීමටද ඉඩ තිබුණි. තරුණ තරුණියන් බොහොමයක්‌ හැඟීම්වලට වහල් වී ඉක්‌මන් තීරණ ගන්නා පිරිසකි. එම තීරණ බොහොමයක්‌ නිවැරැදි ඒවා නොවේ. එම නිසා වැඩිහිටියන්ගේ යුතුකමක්‌ වනුයේ එම යෞවනයන්ගේ හැඟීම් තේරුම් ගෙන නිසි පරිදි ඒවාට අවශ්‍ය පිළියම් යෙදීමයි.
එසේ වූවානම් සකුන්තලාගේත් යෝගරාඡ්ගේත් ජීවිත දියලුම ඇල්ලේ දියවී යන්නේ නැත. එසේම ප්‍රේමය ජීවිතය වෙනුවෙන් මිස මරණය උදෙසා නොවන බව මේ යොවුන් පෙම් යුවළ ද මොහොතක්‌ මෙනෙහි කළේ නම් සොබාදහම පවා හඬාවැටෙන මෙබඳු ෙ€දවාචක සිදුවන්නේ නැත.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!