
“සක්කිලි තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ”-කොළේ ඉරාගෙන ඇඟේ හාලාගෙනම අළුත් පොලිස් ඇමති වැඩ අල්ලයි
Spread the love
ඊයේ (01) සවස ගාල්ල නාගොඩ ප්‍රදේශයේ දී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පවත්වා ඇත. එම ජනහමුවට සහභාගීවීමට පැමිණි පිරිස් හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්කර ඇත. අදාළ පිරිස් නාගොඩ පොලීසිය ආසන්නයේදී පොලිස් නිලධාරීන් විසින් නවත්වා හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීමේ වරදට දඩ පත් නිකුත් කර ඇත.මේ බව ආරංචි වූ පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා නාගොඩ පොලීසියට පැමිණ අදාළ දඩපත් නිකුත් කළ පොලිස් නිලධාරීන් අමතා “සක්කිලි තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ” ආදී වශයෙන් පවසමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත.
(Visited 4 times)