“සක්කරයා කිව්වත් රවීට ඇමතිකමක් දෙන්නේ නෑ…” – සිරිසේන

“සක්කරයා කිව්වත් රවීට ඇමතිකමක් දෙන්නේ නෑ…” – සිරිසේන

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

මීලග කැබනට් සංශෝධනයේදී කිසිසේත්ම හිටපු ඇමති රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
අලූත් අවුරුද්දට පෙර දිනයක මේ සම්බබ්ධයෙන් සාකච්චා කිරීමට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් තිදෙනෙකු සමග ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
විශ්වාස භංගයේදී ආණ්ඩුව බේරා ගැනීම සදහා රවි කරුණානායක මහතා ඉතා විශාල වැඩ කොටසත් සිදු කල බවත් ඔහුට එල්ල වී ඇත්තේ බැදුම්කර චෝදනාවක් නොව වෙනත් චෝදනාවක් බවත් එජාප ප‍්‍රබලයන් තිදෙනා ජනාධිපතිවරයාට එහිදී පෙන්වා දී ඇත.
ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධීපතිවරයා සදහන් කර ඇත්තේ කාට ඇමති ධුරයක් දුන්නද රවි කරුණානායකට ඇමති ධුරයක් දෙන්නට තමන් සූදානම් නැති බවත් ඔහුගේ නම කියනවාටත් තමන් විරුද්ද බවත් කිසිම හේතුවක් මත ඔහුට ඇමති ධුරයක් නොදෙන බවත්ය.
ඒ අනුව එම සාකච්චාව අවසන් වී ඇති අතර ජනාදිපතිවරයාගේ බිත‍්‍රාන්‍ය සංචාරයෙන් පසු නැවතත් මේ පිලිබද සාකච්චාවක් සිදු කිරීමට එජාපය බලාපොරොත්තුවෙන් සිටී.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!