සංහිදියාවට මුවාවී සොරා කන පුල්මුඩේ ඛනිජ නිදිය..!

සංහිදියාවට මුවාවී සොරා කන පුල්මුඩේ ඛනිජ නිදිය..!

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

සංහිඳියාව යන වචනයට මුවාවී ප්‍රදේශවාසීන් හා ‍ප්‍රාදේශීය දේශපාලනාධිකාරියඑක්ව පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් වැලි සොරාගන්නා බවත්, එය ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරි කටයුතුවලට බාධා කරන බවත් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය හා සේවකයෝ චෝදනාකරති.ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ පිහිටි මෙම ඛනිජ වැලි නිධිය ආරක්‍ෂා කරගැනීමට නොහැකිව බරපතළ ප්‍රශ්නයක් පවතින බව ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි ඉන්දිකා රණතුංග මහත්මිය පැවසුවාය.මෙරටටවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදෙනරාජ්‍ය දේපොළක් වන මෙම ඛනිජ වැලි නිධිය ආරක්‍ෂාකර ගැනීමට ප්‍රදේශවාසීන් හා ‍ප්‍රාදේශීය දේශපාලනාධිකාරිය ඉඩ නොදෙන බවත්, ඔවුන් මෙම වැලි ‍නිධියෙන් රහසිගතව වැලි ලබා ගන්නා බවත් සභාපතිවරිය සඳහන් කළාය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!