“සංවත්සරයට සහභාගි නොවුනහොත් මන්ත්‍රී ධුර අහෝසි කරනවා” – ශ්‍රීලනිප

“සංවත්සරයට සහභාගි නොවුනහොත් මන්ත්‍රී ධුර අහෝසි කරනවා” – ශ්‍රීලනිප

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගි නොවුනහොත් ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කළේය.
ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බැවින් එම පිරිසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි වන ලෙස දන්වා ආරාධනා පත්‍ර යැවූ බවද මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.
ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ මෙම පිරිස යම් හෙයකින් සහභාගි නොවුවහොත් මේ අයගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැසවී තීරණයක් ගැනීමට නියමිතය.
මීට අමතරව පක්ෂයේ විනය, උල්ලංඝනය වන ආකාරයට හැසිරුණු තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේද ආසන සංවිධායක ධුර පක්ෂ සම්මේලනයෙන් පසු ඉවත් කෙරෙනු ඇතැයිද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!