ශිෂ්‍යත්වය සමත් සිය දියණිය 6 වසරට ඇතුල් කල සතුට වැඩි වූ මවක් හෘදයාබාධයකින් පාසලේදීම මරුට

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

සිය දියණිය නව පාසලකට භාරදීමට පැමිණ සිටි මවක්‌ ඊයේ (20 දා) පෙරවරුවේ පාසලේදීම හටගත් හෘදයාබාධයකින් මියගොස්‌ ඇත.
පහ ශේ්‍රණිය ශිෂ්‍යත්වය සමත් සිසු සිසුවියන් හය ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මෙම මව අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත.
මීරිගම හල්පෙ ප්‍රදේශයේ 42 හැවිරිදි කාන්තාවක්‌ මෙසේ මරුමුවට පත් වී තිබේ. උත්සවයෙන් අනතරුව තේ පානයෙන් පසු විදුහල් ආපන ශාලාව අසළ ඇදවැටී ඇති මෙම කාන්තාව විදුහල්පති ප්‍රමුඛ පිරිසක්‌ විසින් වහාම වතුපිටිවල රෝහල වෙත රැගෙන ගොස්‌ ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස්‌ සිට ඇත.
යාපනයේ සේවය කරන පොලිස්‌ නිලධාරියකුගේ බිරිඳක වන ඇය සිය දියණිය විදුහලට භාරදීමට හැකිවීම නිසා දැඩි සතුටකින් පසුවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව විදුහල්පති බන්දුල සිරිමාන්න මහතා පැවසීය.
මීරිගම, හල්පෙ, දුම්මලදෙණිය-වත්තේ පදිංචි සමෘද්ධි නිලධාරිනියක වන 42 හැවිsදි රජිතා නිලන්ති විෙ-සේකර නමැති දෙදරු මවක්‌ මෙසේ මියගොස්‌ ඇත. දියණියන් දෙදෙනකුගේ මවක්‌ වන ඇය සිය වැඩිමහල් දියණිය වේයන්ගොඩ බණ්‌ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කිරීමට ගොස්‌ සිටියදී මෙසේ විදුහලේදීම මියගියාය. මියගිය විෙ-සේකර මහත්මිය ද එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යාවකි.
සිද්ධිය පිළිබඳව වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!