“ශ්‍රී.ල.නි. පක්‍ෂය | උදුරා ගන්න දෙන්නෙත් නෑ, උදාරා ගන්නත් බෑ, උදුරා ගන්න හැදුවත් ඉඩ දෙන්නෙත් නෑ” – මහින්ද

“ශ්‍රී.ල.නි. පක්‍ෂය | උදුරා ගන්න දෙන්නෙත් නෑ, උදාරා ගන්නත් බෑ, උදුරා ගන්න හැදුවත් ඉඩ දෙන්නෙත් නෑ” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියන්නේ ඩාර්ලි පාරේ තිබෙන මූලස්‌ථාන ගොඩනැඟිල්ල නොවෙයි. පක්‍ෂය තියෙන්නේ අප හදවතේ. ඒක කාටවත් උදාරා ගන්නත් බෑ. උදුරා ගන්න අයිතියකුත් නෑ. උදුරා ගන්න හැදුවත් ඉඩ දෙන්නෙත් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
තමා හොඳ ශ්‍රී ලංකාකාරයෙක්‌ බවත් සමහරු පක්‍ෂය හැරදා යද්දී තමා කිසිදා පක්‍ෂය හැර නොගිය බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා අද පක්‍ෂය නොදැනුවත්වම කාගේදොa අතකොලුවක්‌ බවට පත්ව ඇති බවත් පැවසීය.
දකුණු පළාතේ පළාත් සභා මැති ඇමැතිවරු හා ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට පෙරේදා (9 දා) පස්‌වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයට පැමිණි අවස්‌ථාවේ ඔවුන් අමතා මේ බව ප්‍රකාශ කළේය.
පැමිණ සිටි සන්ධාන පළාත් සභා මන්ත්‍රිවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු හිටපු ජනාධිපතිවරයාගෙන් නැවත දේශපාලනයට පැමිණෙන ලෙසට ඉල්ලීම් කළ අතර හමුව අවසානයේදී ද ඒ පිළිබඳව ඔවුහු විමසූ විට නියමිත වේලාවට රාජකාරියට වාර්තා කරමි යනුවෙන් සඳහන් පුවරුවක්‌ පෙන්වමින් සඳහන් කළේය. ඒ අවස්‌ථාවේ සියලු මන්ත්‍රීවරු ජයවේවා කියමින් ප්‍රීති ඝෝෂා කළහ.
ඉදිරි මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙසට මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ යුතු බවට යෝජනාවක්‌ ද ඔවුහු මෙහිදී සම්මත කරගත්හ.
මහින්ද රාජපක්‍ෂ මහතා – තමන්ගේ අදහස්‌ මතය ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක්‌. මේ අදහස්‌ අපි බලයේ ඉන්නවිට ගන්න බැරිවීම ගැන එක පැත්තකින් කනගාටු වෙනවා. එය මගේම වරදක්‌ නොවෙයි. තමුන්නාන්සේලා කැඳවල කතාකරපු හැම අවස්‌ථාවේ මම විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මම හැඳින් වූයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේ ආණ්‌ඩුවේ බµර් කියලයි. ඒ නිසා අපි ඔබ ශක්‌තිමත් කළා.
අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු ශක්‌තිමත් කරනකොට අපට චෝදනා ආවා. ඒ චෝදනා කරන විට මන්ත්‍රීවරුන්ට අපි කිව්වා තමන්ගේ මන්ත්‍රීවරුන්ට මෙහෙම චෝදනා කරන්න එපා.කියලා. ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයට ගම්වල සංවර්ධන කටයුතු සිදුවුණා. ඒක කාටවත් නෑ කියන්න බෑ. හැම ප්‍රාදේශීය සභාවකටම පළාත් සභාවකටම වැඩ කරගෙන යන්න මුදලුත් දුන්නා.
නමුත් අපි දැක්‌කා මේ වැඩ කරන විට එක්‌සත් ජාතික පක්‍ෂය අපට පහර ගැහුවා. බොරුවක්‌ සිය පාරක්‌ කිව්වම එය සත්‍යයක්‌ කියලා මිනිසුන්ගේ ඔළුවට වැටෙනවා යෑයි ගොබෙල්ස්‌ කියා තිබුණා. ඒ අනුව ඉතා සංවිධානාත්මකව පැහැදිලිව අපට පහර ගැසුවා. ඒ කොච්චර පහර ගැහුවත් 58 ලක්‍ෂයක්‌ ජනතාව ඒවා පිළිගත්තේ නෑ.
රජයේ සේවකයෝ ගියා. 10,000 ක්‌ දෙන කොට ඒක 5000 කට වඩා වටිනවා. අපි පන්දහස්‌ දෙසීයක්‌ දුන්නා. ඒකෙන් දෙසීයක්‌ අඩුවෙලත් ඒ අය සතුටින් ඉන්නවා කියලා මම හිතනවා. මේ අය හැම තැනම ගිහිල්ලා ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන බවක්‌ පේන්න නෑ. දින සියයේදී පළිගැනීම් සිදුවුණා. අදත් වෙනවා. මීට අවුරුදු 10 කට උඩදී සිද්ධීන්වලට අද මන්ත්‍රීවරු අරගෙන ගිහින් ප්‍රශ්න කරනවා.
දේශපාලන වශයෙන් අපේ ක්‍රියාකාරීන් අඩපණ කරන්න, ක්‍රියාකාරිකයන්ගේ හොඳ නාමය නැති කරන්න මේ ආණ්‌ඩුව ක්‍රියාකරමින් ඉන්නවා. මේ ආණ්‌ඩුව කිව්වම යූ. එන්. පී. විතරක්‌ නොවෙයි. ජනාධිපතිත් අයිති වෙනවා. මම ජනාධිපතිව සිටින විට ආණ්‌ඩුව තිබුණේ ජනාධිපති යටතේ. ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු වැරදි කරන කොට ඔක්‌කොම ආවේ මට. ඒවට උත්තර දෙන්න වුණේ මට. ඒවා අගමැතිට භාරදෙන්න බෑ. මම අගමැතිට භාරදුන්නෙත් නෑ අවසානයේ අපිට ඒ චෝදනා භාරගන්න සිදුවුණා.
මෑතදී ඇමැති ධුර ලබපු සමහර ඇමැතිවරු පිළිගන්න නිල් කොඩි අදින කොට ලොකු සතුටක්‌ දැනුණා. ඊළඟට ඒ අය කොළපාට කොඩි යටින් යම් යම් ප්‍රතිලාභ බෙදන්න යන විට මේ මොනවද වෙන්න යන්නේ කියලා දුකක්‌ ඇතිවුණා.
අපේ පක්‍ෂය නොදැනුවත්වම කාගේදොa අතකොලුවක්‌ වෙලා. මම එකක්‌ පැහැදිලිව කියන්න ඕන. මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දාල කවදාවත් ගිහිල්ලා නෑ. දාල යන්නෙත් නෑ. දුවලා, පුතාලා බෑනලා යද්දි අපි ගියේ නෑ.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා වමේ පක්‍ෂ එකතුවෙලා පාද යාත්‍රා ගිහිල්ලා ආණ්‌ඩුව පෙරළන්න මූලික වැඩපිළිවෙළක්‌ හැදුවා. එදත් වමේ පක්‍ෂ අපට උදව් කළා. වාසුදේව නානායක්‌කාර මහත්තය අපිත් එක්‌ක කතරගමට පයින් ගියා. අනෙක්‌ වමේ පක්‍ෂවලිනුත් අපට සහයෝගය ලැබුණා.
මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක්‌. අනෙක්‌ සියලු ප්‍රගතිශීලී, ජනතාවාදී වාමවාදී කොටස්‌වලට දේශපාලනය කරන්න එකතුවන්න තිබූ ස්‌ථානය තමයි ශ්‍රීල.නි.ප. ය. ඒ තුළ ඉඳගෙනයි කවුරුත් වැඩ කළේ.
නමුත් අද එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වුණාම තිබෙන ගැටලුවයි අපට විසඳගන්න තියෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියන්නේ ඩාලි පාරේ අංක 301, මූලස්‌ථාන ගොඩනැඟිල්ල නොවෙයි. ශ්‍රීල.නි.ප. ය අපේ හදවතේ තියෙන්නේ. ඒක කාටවත් උදුර ගන්නත් බෑ. ඒක උදාර ගන්න අයිතියකුත් නෑ. උදුර ගන්න හැදුවත් ඉඩ දෙන්නෙත් නෑ. ඒ ගැන අපි මේ අවස්‌ථාවේ ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනාධිපතිවරයා දැන් භාරගෙන තියෙන වෙලාවක මැයි දිනය ඉතා ඉහළින් කරන්න ඕන. හයිඩ්පාර්ක්‌ පිටිය කියන්නේ 2500 – 3000 පමණ ගියාම පිරෙන ස්‌ථානයක්‌. එදා අපි විපක්‍ෂයේ සිටින විට 77 සෙනඟ ගේන්න බැරි කාලේ මේ ස්‌ථානයේ තමයි අපි මැයි දිනය තිබ්බේ. මොකද දාහක්‌ දෙදාහක්‌ සෙනඟ ආවම පිරෙනවා. ඒ නිසා එතන තියන්න එපා කියලා වමේ සියලු පක්‍ෂ එකතු කරගෙන වෘත්තීය සමිති එකතු කරගෙන විශාල ඉඩමක්‌ තියෙන තැනක්‌ සොයාගෙන දැවැන්ත මැයි දින රැලියක්‌ තියන්න කියලා මම පක්‍ෂයේ අනුශාසක ලෙස මගේ අදහස්‌ ප්‍රකාශ කළා. ඒක තමයි අනුශාසක වශයෙන් මට දිය හැකි උපදේශය.
මේ රටේ පැහැදිලිව මොනවද වෙන්නේ කියලා තමුන්නාන්සේලාට පේනවා ඇති. වංචා දූෂණ ගැන කතා කරනවා. අපේ ගෙවල්වලට හැමදාම පනිනවා. ඊයේ දෙපළකට පැන්නා. මම පැය ගණනක්‌ ඇතුළත ජනාධිපති මන්දිරියෙන් අයින්වෙලා මැදමුලන ගෙදරට ගියා. මම තනිකඩයෙක්‌ නොවෙයි. අපේ බඩු ඇඳුම් ඔක්‌කොම දාලා ආවේ. හිතවතුන්ට කිව්වා කොහේ හරි ගිහින් දාලා ගෙනත් දෙන්න කියලා. ඒ ගිහින් දාපු තැන්වලට තමයි දැන් මේ පනින්නේ. හැම තැනම පැන පැන හොයනවා.
අද සී. අයි. ඩී. යට පොලිස්‌පතිට, නීතිපතිට බලපෑම් එනවා කියලා සමහර වෙලාවට මට දැනගන්න තියනවා. ලැයිස්‌තු දීලා අහවලාගේ ගෙදරට පනින්න අහවල් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න කියලා සමහරු උපදෙස්‌ දෙනවලු. පොලිසිය ක්‍රියාත්මක වන්නේ දේශපාලනඥයන්ගේ උපදෙස්‌ අනුවයි.
මේ ආකාරයට දේශපාලන පළිගැනීම් කරගෙන යන්න එපා කියලා අපි ඉල්ලනවා. ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් භාරගන්නවා නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රැකගැනීමටත් ඔවුන් කටයුතු කළ යුතුයි.
රැකියාවලින් අපේ පාක්‍ෂිකයන් එළියට දාලා ලක්‍ෂයකට පමණ පඩි නැතිවී අද අවුරුදු කන්න විදිහක්‌ නෑ. රැකියාවලින් දොට්‌ට දානවා. අද මහා පරිමාණ වංචා දූෂණ වෙනවා. මහ බැංකු අධිපතිවරයා භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සිද්ධියෙන් හැම දවසකටම බිලියනයකට වැඩිය පාඩුයි. අද වන විට බිලියන 40 ගණනකට වැඩි ප්‍රමාණයක්‌ පාඩුයි. අපි හිතන්නේ නැති ප්‍රමාණයකට මේ අය දූෂණ කරගෙන යනවා. ඒකට හොඳම කවර් එකක්‌ හැටියට අපිව ඉස්‌සරහට දානව හොරු කියලා.
අපි ගත්ත හැම තීන්දුවක්‌ම ගන්නේ ඇමැති මණ්‌ඩලය හරහා. ඒ ගත්ත හැම තීන්දුවක්‌ම වැරදිනම් කැබිනට්‌ මණ්‌ඩලයත් ඒකට වගකිවයුතුයි. කැබිනට්‌ මණ්‌ඩලයේ හිටපු හැමදෙනාම නොවැම්බර් 21 වනදා වෙනකන් ඉදලා අනික්‌ පැත්තට ගිහිල්ලා මේ ආණ්‌ඩුව දූෂිතයි කියන්න ඒ අයට පුළුවන් කමක්‌ නෑ. ඒ අයත් කැබිනට්‌ මණ්‌ඩලයේ හිටියනම් වගකියන්න ඕන. සමහරුන්ට අමතකයි කැබිනට්‌ මණ්‌ඩලයේ හිටිය බව. දැන් කතාකරන්නේ තොත්ත බබාලා වගේ. කැබිනට්‌ මණ්‌ඩලයට සාමූහික වගකීමක්‌ තියනවා.
පැමිණ සිටි සන්ධාන පළාත් සභා මැති ඇමැතිවරු හා ප්‍රාදේශීය සභා නගර සභා සභාපතිවරු මන්ත්‍රීවරු සියලු දෙනා එක හඬින් ඉල්ලා සිටින්නේ නැවත දේශපාලනයට එන ලෙසත් ශ්‍රීල.නි.ප. යෙන් අගමැති අපේක්‍ෂකත්වය නොදෙන්නේ නම් වෙනත් ඕනෑම ලකුණකින් හෝ පක්‍ෂයකින් තරග කරන ලෙසත්ය. එසේ නොඑන්නේ නම් ඔවුන් ද දේශපාලනයෙන් ඉවත් වන බවත් පැවසූහ. ශ්‍රීල.නි.ප. ය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් අගමැති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ශ්‍රීල.නි.ප. මැයි රැලිය වර්ජනය කළ යුතු බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කළ යෝජනාව සියලු දෙනා අනුමත කළහ.
මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ඩලස්‌ අලහප්පෙරුම, මනුෂ නානායක්‌කාර, ජානක ප්‍රියන්ත බණ්‌ඩාර යන මහත්වරු ද එක්‌ වූහ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!