“ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකයන් 15 දෙනකු නෙරපනවා..” – දුමින්ද

“ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවිධායකයන් 15 දෙනකු නෙරපනවා..” – දුමින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

වැඩ බැරි සහ වැඩ නොකරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකයන් 15 දෙනකු සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පවසයි.

වැඩ නොකරන ආසන සංවිධායකවරුන් තවදුරටත් පක්‍ෂයේ තබාගැනීමෙන් පක්‍ෂයට හෝ රටට කිසිම සෙතක්‌ අත්නොවන බවත් 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් කඩාවැටී ඇති ගම් මට්‌ටමේ සංවිධාන ශක්‌තිය නැවත ගොඩනැඟිය යුතු බවත් හෙතෙම කීය.
පුරප්පාඩු වන සංවිධායක තනතුරු සඳහා ජනප්‍රිය, පළපුරුදු, අත්දැකීම් ඇති ජනතාවට සමීප තරුණ දේශපාලනඥයන් පත්කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස්‌ දී තිබෙන බව ද ඔහු අනාවරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායක තනතුරු යොදාගෙන මන්ත්‍රීකම දරන පිරිසක්‌ පාක්‍ෂිකයන් නොමඟ යෑවීමටත් පක්‍ෂය දෙකඩ කිරීමටත් කටයුතු කරමින් සිටින බවට දිසානායක මහතා චෝදනා කරයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!