ශ්‍රී ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකාවට එරෙහි ලෝක කුසලාන පෙර පලමු පුහුණු තරඟයට

ශ්‍රී ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකාවට එරෙහි ලෝක කුසලාන පෙර පලමු පුහුණු තරඟයට

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ පෙර පුහුණු තරග අද සිට ආරම්භ වනවා. අද දිනයේ තරග 02ක් පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකාව ද ඉන් එක් තරඟයකට සහභාගීවීමට නියමිතයි.ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහිදී තරඟ වදින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවයි. එම පෙර පුහුණු තරඟය මෙරට වේලාවෙන් පස්වරු 03 ට කාඩිෆ්හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.අනෙක් පෙර පුහුණු තරඟය බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතරයි. ලෝක කුසලාන තරඟාවලියට පෙර එක් කණ්ඩායමක් පෙර පුහුණු තරඟ 02කට සහභාගී වනවා. ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවන පෙර පුහුණු තරඟය ලබන ඉරිදා පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිවයි.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!