ශ්‍රී ලංකාව ඇමරිකාවේ යුදමය තිප්පොළක් වෙයි

ශ්‍රී ලංකාව ඇමරිකාවේ යුදමය තිප්පොළක් වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දු – පැසිෆික් කලාපයේ සිය යුදමය තිප්පොළ බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටින බවත් ඒ සඳහා ඇමෙරිකානු නීතිය යටතේ ක්‍රියාත්මක වන, කොළඹ වරාය හා ත්‍රිකුණාමල වරය යා කරන කිලෝ මීටර් 200ක් දිග, දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන, අක්කර ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් අයත් වන ආර්ථික පටියක්, ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ඇමෙරිකානු – ඉන්දීය – ජපන් ආයෝජන කලාපයේ ඉදිවන, ඉන්දීය සාගරයේ නාවික යාත්‍රා සහ සබ්මැරීන සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක්, එහිම සවි කරන අධිබල සම්ප්‍රේෂණ කුළුණක් මෙන්ම ත්‍රිකුණාමල වරාය අසල නවතා තිබෙන ගුවන් යානා 100ක් රඳවා තැබිය හැකි දැවැන්ත ඇමෙරිකානු යුද නැවක් හෙවත් පාවෙන කඳවුරක් යන මෙවලම් මේ වන විට සූදානම් කෙරෙමින් ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා පැවසීය.
මේ බලගතු අධිරාජ්‍යවාදී දැල එළීමට එරෙහි සටන, මේ මොහොතේ සියලු දෑහිතකාමී පිරිස් රට හමුවේ වන කේන්ද්‍රීය සටන යැයි වටහා ගත යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පසුගිය ජනවාරි 30 වැනිදා ‘කිරුළ නොරටුන්ට – අවුල මෙරටුන්ට’ යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති ජාතික කතිකාවේ දී විශේෂ දේශනයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සහස්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ රහස්‍ය ලියවිලි රැසක් ද යොදා ගනිමිනි.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!