ශ්‍රී ලංකන් ඉහළ නිලධාරීන් තිදෙනකුගේ වසරක වැටුප් ඩොලර් මිලියනයක්

Spread the love
  •  
  •  
  •  
  •  

විශාල වශයෙන් පාඩු ලබන බවට චෝදනා නැඟෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්තමාන පරිපාලනය යටතේ බඳවාගෙන ඇති ඉහළ නිලධාරීන් තිදෙනකුගේ වැටුප් සඳහා වසරකට අමෙරිකානු ඩොලර් මිලියනයකට වැඩි මුදලක්‌ වැයවන බව ශ්‍රී ලංකන් වෘත්තීය සමිති චෝදනා කරයි.
මෙම තිදෙනා මෙසේ අතිවිශාල වැටුපට බඳවාගෙන ඇත්තේ පුද්ගලික හිතවත්කම් මත බවට ද වෘත්තීය සමිති චෝදනා කරන අතර ඒ අංශවල නියමිත වැටුප් තල පවතින බැවින් මොවුන්ගෙන් ඇතැමුන් නව තනතුරු ඇතිකර බඳවාගෙන ඇති බව වාර්තා වේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!