ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ අපි නෙවෙයි, සිරිසේන ජනාධිපතිවරයයි – උදය ගම්මන්පිල

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ අපි නෙවෙයි, සිරිසේන ජනාධිපතිවරයයි – උදය ගම්මන්පිල

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

තමන් හෝ විමල් වීරවංශ කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් සිදුකර නොමැති බවත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවත් උදය ගම්න්පිල පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන බවට ඇතැම් පුද්ගලයන් තමන්ට හා විමල් වීරවංශට‍ එරෙහිව විවිධ මාධ්‍යන් ඔස්සේ ප්‍රකාශයන් සිදු කරන බව පවසන ඔහු තම උත්සාහය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් හෝ එජාපයට එකතුවීමක් නොව, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමඟ එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම බවද පැහැදිලි කරයි.
මේ වන විට යහපාලන ආණ්ඩුවේ දුර්වල පාලනය හා දේශද්‍රෝහී තීන්දු තීරණ නිසා උතුරු නැගෙනහිර එකට එක්කර ස්වාධීන රාජ්‍යයක් ලෙස එකතු කිරීමේ ඊළම් සැලසුම් එළිපිටම ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!