ශවේන්ද්‍ර එනකොට සුමන්තිරන් කොටියාගේ කකුල් වෙව්ලනවා

ශවේන්ද්‍ර එනකොට සුමන්තිරන් කොටියාගේ කකුල් වෙව්ලනවා

Spread the love
  • 336
  •  
  •  
  •  
    336
    Shares

“සිංහයෝ එනකොට බයේ පොලු අරගෙන දඟලනවා වගේ සුමන්තිරන් දැන් ශවේන්ද්‍ර සිල්වාට බයේ දඟලනවා” යැයි රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි. “රට වෙනුවෙන් අපි” සංවිධානය ඊයේ (20දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවැසූ සද්ධාතිස්ස හිමියෝ මෙසේද පැවැසූහ.  “යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා පත්කිරීමත් සමඟම සමහර ගුල්වල ඉන්න නයි, ගැරඩි සියල්ලම කලබල වෙලා. මේකට ප්‍රධාන හේතුව තමයි බටහිර අධිරාජ්‍යයන්වල ජීවත් වන අයට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට අවශ්‍ය කරලා තියෙන්නේ මේ රට අසමත් බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙනවා දකින්න. එහෙම වීම තුළ තමයි ඔවුන්ට අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ. රටේ ප්‍රබල ආරක්ෂාවක් ප්‍රබල නායකයෙක් ඉන්නකම් ඔවුන්ගේ හිතු මනාපයන් ඉෂ්ට කරගන්න බෑ. අන්න ඒ නිසා තමයි ශවේන්ද්‍ර සිල්වා පත්වීමත් සමඟ ගොඩාක් අය දඟලන්නේ” යන්න පැවසුවා.

(Visited 166 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!