“ශවේන්ද්‍රට එරෙහි ඇමෙරිකාවේ තීරණය අපි අගය කරනවා”-සුමන්තිරන්

“ශවේන්ද්‍රට එරෙහි ඇමෙරිකාවේ තීරණය අපි අගය කරනවා”-සුමන්තිරන්

Spread the love
  • 7.1K
  •  
  •  
  •  
    7.1K
    Shares

දෙමළ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝවක් මඟින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය විසින් ගෙන යනු ලැබූ මන්දගාමී ප්‍රතිපත්තියේ එක් ප්‍රතිවිපාකයක් ලෙස මෙම තීරණය පෙන්වා දිය  හැකි බවයි.  ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා අතුරුදන්වූවන් පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ඇතුළු අපගේ ජනතාව බොහෝ කාලයක සිට ඒ පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදුකර යුක්තිය පසිඳලන ලෙස කොතෙක් ඉල්ලීම් කළද ඒ සියල්ල ශ්‍රී ලංකා රජය විසින් ගණන් නොගත් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.  මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙන්නේ යුද්ධයේ අවසන් කාලයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම පිළිබඳව  දැක්වූ මන්දගාමී ප්‍රතිපත්තිය පිළිබඳව දැන්වත් ශ්‍රී ලංකා රජයේ ඇස් ඇරෙනු ඇති බවයි.

(Visited 1,107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!