වේදිකාවේ අනුර ගැන ගතු කිව් මර්වින්ට ජනපති කට වහන්න කියලා

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මඩ ගැසීමෙන් වළකින ලෙස ඇමති මර්වින් සිල්වා මහතාට මොණරාගල මඩුල්ලේ පැවති අන හමුවකදී අවවාද කර තිබේ.

එම උත්සවයේ දී ඇමති මර්වින් සිල්වා මහතා ජනාධිපතිවරයා ද වේදිකාවේ සිටියදී අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් කරමින් පෞද්ගලික මට්ටමින් විවේචනය කර ඇත. අනුර දිසානායකගේ විවාහය ගැන බිරිඳ ගැන ඇමති මර්වින් එහිදී කතා කරමින් සිට තිබේ.

එහිදී ඇමතිවරයා කතාව කර ගෙන යන අතර වාරයේම මැදිහත් වූ ජනාධිපතිවරයා, එය වහාම නතර කරන්නැයි මර්වින් සිල්වා ඇමතිවරයාට අවවාද කර ඇත.

මර්වින් සිල්වා මහතාද ජනාධිපතිවරයාගේ අවවාදයට අනුගත වෙමින්, පෞද්ගලික මට්ටමින් විවේචනය කිරීම එවෙලේම නතර කර තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!