වෙරළට නිදහස පෙබරවාරි 04 ගල්කිස්ස බීච් එකේ සිද්ධවෙන්නේ මෙහෙමයි…..

වෙරළට නිදහස පෙබරවාරි 04 ගල්කිස්ස බීච් එකේ සිද්ධවෙන්නේ මෙහෙමයි…..

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

සමාජ සංස්කෘතික සංවිධානයක් වන ගෝ ශ්‍රී ලංකා සංවිධානය දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව සමග එකතුවී දෙහිවල ගල්කිස්ස වෙරළ තීරයේ ප්ලාස්ටික් රබර් වීදුරු ඇතුළු නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ජාතික වැඩසටහනක් පෙබරවාරි 04 වනදා වෙරළට නිදහස නමින් සංවිධානය කර ඇත. මෙම වැඩසටහනට සුවිශේෂී අංග ගණනාවක් එක්කර ඇති අතර වෙරළ තීරයට අමතරව මුහුදේ ගල්පර අතර සිරවී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන්ම මුහුදු පතුලේ තැන්පත්ව ඇති වීදුරු බෝතල් ආදිය පුහුණු කිමිදුම්කරුවන් යොදාගෙන ඉවත් කිරීමේ කටයුත්තක්ද සංවිධානය වෙමින් පවතින බව පැවසේ.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනට සමගාමීව ගල්කිස්ස වෙරළේ අඩි 60ක පමණ සුවිසල් ජාතික ධජය වැලිවලින් ත්‍රිමාණව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා රාජ්‍ය සම්මානලාභී දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර සහ තවත් දෘශ්‍ය කලා ශිල්පීන් 40කට ආසන්න පිරිසකගේ දායකත්වය ලැබීමට නියමිතය.
ඒ අතරම වෙරළ පිරිසිදු කිරීමේ කටයුත්තෙන් පසු සහභාගීවන පිරිස් සදහා නිදහස තේමා කර ගත් වැලි නිර්මාණ තරගයක්ද සංවිධානය වෙමින් ඇත. ඒ සදහා පාසල් සිසුන්ද සහභාගීවීමට නියමිතය. මෙම වැඩසටහන සදහා දෙදහසක පමණ පිරිසක් සහභාගීකර ගැනීමට සංවිධායකයින් අපේක්ෂා කර ඇති අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ගණනාවක් වැඩසටහන සමග එක්වීමට කැමැත්ත පල කර ඇති බව පැවසේ. මෙම වැඩසටහන පිළිබද වැඩිවිස්තර GO SRI LANKA ෆේස්බුක් පිටුවේ සදහන්ව ඇත.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!