“විහාර දේවාලගම් පනත වහා වෙනස් කරන්න.” වනවාසී රාහුල හිමියෝ ජනපතිගෙන් අගමැතිගෙන් ඉල්ලති.

“විහාර දේවාලගම් පනත වහා වෙනස් කරන්න.” වනවාසී රාහුල හිමියෝ ජනපතිගෙන් අගමැතිගෙන් ඉල්ලති.

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

දැනට පවතින විහාර දේවාලගම් පනත වහා වෙනස් කොට වර්තමානයට ගැලපෙන පරිදි සකස් කල යුතු යයි වනවාසී රාහුල හිමියෝ පවසති.
නාමල් උයන නිර්මාතෘ වන වනවාසී රාහුල හිමියෝ ජනපතිට සහ අගමැතිය ලිපි යවමින් මේ ගැන ඉල්ලීමක්ද කර ඇත. ඒ මගින් උන් වහන්සේ පහත සදහන් වෙනස්කම් කල යුතු යයි යෝජනා කරයි.
1. ශ්‍රී පාදස්‌ථානය, අටමස්‌ථානය ඇතුළු මේ රටේ වැදගත් බෞද්ධ වෙහෙර විහාරස්‌ථාන වලට සහ ප්‍රධාන නිකායන් තුන සඳහා ප්‍රධාන තනතුරු පත් කිරිමේදී වසර පහකට වරක්‌ වෙනස්‌ කිරීමට හැකිවන පරිදි නව නීතියක්‌ සකස්‌ කල යුතුය.
2. මහා භාරකාර තැන යටතේ පාලනය වන ප්‍රධාන ආගමික සිද්ධස්‌ථානවලට ලැබෙන පුණ්‍යාධාර හා මුදල් පොදුවේ දුප්පත් සිද්ධස්‌ථානවලට බෙදී යැමේ ක්‍රමවේදයක්‌ද සකස්‌ කල යුතුය.
මෙම සංශෝධන කිරීම පහසු කටයුත්තක් නොවන බවද, මේවා කිරීමට යාමේදී රජයට නොයෙක් බාධක විවේචන එල්ල විය හැකි බවද එසේ වුවත් මෙම සංශෝධන මේ අවස්ථාවේදී කල යුතුම බවද උන් වහන්සේ තම ලිපි මගින් සදහන් කර ඇත.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!