‘විසෙන් විස නසන්න’ අසරණ සරණ රතන හිමි ගෝඨා වෙත වඩිති..!

‘විසෙන් විස නසන්න’ අසරණ සරණ රතන හිමි ගෝඨා වෙත වඩිති..!

Spread the love
  • 93
  •  
  •  
  •  
    93
    Shares

වස විස නොමැති කාබනික කෘෂිකර්මය වෙනුවෙන් වන ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුව කටයුතු කළහොත් තමන් දැඩි තීන්දුවක් ගන්නා බව අතුරලියේ රතන හිමියන් සඳහන් කර තිබේ.සිය හිතවතුන් මාර්ගයෙන් මේ බව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට රතන හිමියන් කටයුතු කර ඇතත් ඒ සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වෙයි.2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීමට ආණ්ඩුව තීරණය කිරීමත් ග්ලයිෆෝසෙට් ඇතුළු වල් නාශක කිහිපයකට අදාළ තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය රතන හිමියන්ගේ විරෝධයට මුලික වී ඇත.ඒ සම්බන්ධව අවස්ථා ගණනකදී රතන හිමියන් ආණ්ඩුව විවේචනය කළ අතර අදාළ ප්‍රතිපත්තිය වෙනස් නොකළහොත් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවද පවසන්නට යෙදුණි.එසේම තමන් ඉදිරියේදී “විසෙන් විස නසන්න” වෙනස් දේශපාලන තීන්දුවක් ගන්නා බව රතන හිමියන් සිය හිතවතුන් සමඟ පවසා ඇති බවද වාර්තා වන අතර එහිදී ජනාධිපතිවරයා යටතේ පිහිටුවා ඇති ජාතික ආර්ථික සභාව රතන හිමියන්ගේ දැඩි විවේචනයට ලක්වූ බවද වාර්තා වෙයි.එහිදී රතන හිමියන් සඳහන් කර ඇත්තේ ජාතික ආර්ථික සභාව දන්නා ආර්ථිකයක් නොමැති බවත් එය ජාතික ආර්ථිකය විනාශ කරන ඇමරිකානු හස්තයක් බවය.එසේම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ රතන හිමියන් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ සමඟ දේශපාලනය කිරීමට වැඩි ඉඩක් පවතින බවය. කාලයක පටන් රතන හිමියන් ඔහු සමඟ සමීපව සිටින බවත් වස විස ප්‍රශ්නය මුල්කරගෙන ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනයක් ගෙන එන්නට රතන හිමි කටයුතු කරන්නේ ඒ අනුව බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!