විශ්‍රාම වැටුප් පූර්ණ කප්පාදුවකට ආණ්ඩුව සූදානම්

විශ්‍රාම වැටුප් පූර්ණ කප්පාදුවකට ආණ්ඩුව සූදානම්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

විශ‍්‍රාම වැටුප් දැන් ලෝකයටම ප‍්‍රශ්ණයක් වෙලා. විශ‍්‍රාම වැටුප් ලබා දෙන රටවල් ඉදිරියේදී අනතුරක වැටෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු අගවලා තියෙනවා. ලෝකයේ වගේම ලංකාවෙත් වයස් ගත ජනගහනය වැඩි වෙනවා. මේ තත්වය තුල විශ‍්‍රාම් ලබන්නන් වැඩි වෙනවා. ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අගවා තිබෙන පරිදි විශ‍්‍රාම වැටුප් ගෙවන රටවල් තවත් අවුරුදු 25 ක් වත් පවත්වා ගැනීමට නොහැකියි. ඒ නිසා දැන්ම අපි මේවාට විකල්ප සෙවිය යුතුයි. මේ පිළිබදව ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවටත් උපදෙස් ලැබී තිබෙනවා. අපි මේ සම්බන්දයෙන් මේ වන විට කම්කරු හා වෘත්තීය සමිති සහ අනෙකුත් සම්බන්ද පාර්ශ්වයන් සමග සාකච්චා කරගෙන යනවා. නමුත් වෘත්තීය සමිති ඒ සම්බන්දයෙන් දරන මතය නම් සුභ වාදී නැහැ යනුවෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පැවසුවේය.අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ නියෝජ්‍ය සහ සහකාර කම්කරු කොමසාරිස්වරුන් වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකට සමභාගි වෙමිනි.මොනවා හරි වුණාම මිනිස්සු උද්ගෝෂණ කරනවා. බෝඞ් එල්ලන් පාරේ ඉන්නවා. බෝඞ් එල්ලගෙන ඉන්නකොට දේවල් ලැබෙනවා නම් හැමෝම බෝඞ් එල්ලන් ඉන්න පටන් ගනීවි. මේ සියල්ල පිටුපස වෘත්තීය සමිති ඉන්නවා. ඒ වගේමයි හැකි සියළු දේ අපි වෘත්තීය සමිති සමග සාකච්චා කර ලබා දෙනවා. එම නිසා වඩා වැදගත් වන්නේ ප‍්‍රශ්ණයක් නොවන විදියට පහසුවෙන් විශිෂ්ට සේවාවක් සේවා දායකයන්ට ලබා දීමට අධිෂ්ටන කර ගන්න.මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් නිමල් සරණතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, ඇතුලූ දිවයිනේ සියළුම කම්කරු දෙපාර්තමේන්තු වලට අයත් සියළු ආයතන ප‍්‍රධානින් 50 කට අසන්න පිරිසක් සහභාගී විය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!