විල්පත්තුව වෙනුවෙන් නාමල් ප්‍රමුඛ විපක්‍ෂය සටනට බසී

විල්පත්තුව වෙනුවෙන් නාමල් ප්‍රමුඛ විපක්‍ෂය සටනට බසී

Spread the love
  • 56
  •  
  •  
  •  
    56
    Shares

විල්පත්තු වන සංහාරයට එරෙහිව සමාජජාලා මාධ්‍ය කේන්ද්‍ර කර ගනිමින් දැඩි විරෝධයක් ඇතිව තිබේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිදුවන වන සංහාරයක් පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප ඇසුරෙන් පෙන්වා දෙමින් සමාජජාලා මාධ්‍යයේ නැවතත් කතාබහක් ඇතිවෙමින් තිබේ. මේ අතර විල්පත්තුව රැක ගැනීමේ සටනට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද එක්ව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විල්පත්තු වන සංහාරය පිළිබඳ පරිසර ඇමති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර තිබේ. එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ විල්පත්තු ගැටලුව තවත් දුරදිග යාමට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ගැටලුව විසඳිය යුතු බවයි. විල්පත්තු සංහාරයෙන් පරිසර විනාශයක් මෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ගැටලුවක්ද ඇතිවිය හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

(Visited 134 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!