විමල් අන්දුන්කුන්දුන් කරමින් ඔහු කළ බරපතල වැරදි ලැයිස්තුවක් ඔහුගේ නීතීඥයාම පාපෝච්චාරණය කරයි…

විමල් අන්දුන්කුන්දුන් කරමින් ඔහු කළ බරපතල වැරදි ලැයිස්තුවක් ඔහුගේ නීතීඥයාම පාපෝච්චාරණය කරයි…

Spread the love
  •  
  •  
  •  
  •  

බොහෝ කලක සිට මාගේ සේවාදායකයකු වශයෙන් නීතිමය කටයුතුවලදී සහය ලබාගන්නා විමල් වීරවංශ නමැති පුද්ගලයා පිලිබදව කරනු ලබන මෙම හෙළිදරව්ව සම්පූර්ණයෙන්ම මගේ ස්වාධීන අදහස් නියෝජනය කරනු ලබන බවත් ඒ සදහා මා වෙත කිසිදු පුද්ගලයෙකුගේ බලපෑමක් ඇති නොවූ බවත් පළමුව සටහන් කරමි. ඉහත කී විමල් වීරවංශ නමැති පුද්ගලයා විසින් සිදුකරන ලද බවට මා විසින් නිරීක්ෂණය කරන ලද ක්රිංයාවන්ගෙන් කිහිපයක් පමණක් පළමු අවස්ථාවේදී මෙසේ අනාවරණය කරමි.
• එක්තරා කාලයකදී සතියට එක බැගින් බෝම්බ පිපිරුණු රටේ කලින් සොයා ගැනීම නිසා නොපිපිරුණු බෝම්බ ගණන – පිපිරුනු බෝම්බ ගණනට වඩා වැඩිවුනේ රටේම ජනතාව ආරක්ෂ අංශ සමග එක්ව අවදියෙන් සෝදිසියෙන් කටයුතු කළ හෙයිනි. රටම බුද්ධි අංශයක් ලෙස කටයුතු කළ යුතුය යන මේ සංකල්පය මානෙල්මල් ව්යාඅපාරය හරහා ඉදිරිපත් කළේ විමල් වීරවංශ වන අතර මේ නිසා සුරැකුණු මිනිස් ජීවිත සහ පොදු දේපලවල වටිනාකම තක්සේරු කළ නොහැක. එල්ටීටීඊ ඉලක්ක සහ බුද්ධි අංශ අසාර්ථක වීමට ඉවහල් වූ මේ සංකල්පය ඉදිරිපත් කිරීමෙන් විමල් වීරවංශ පොදු දේපලට එරෙහිව කර ඇති බරපතල වරදක් අනාවරණය වේ.

• විමල් වීරවංශ තමාගේ කලින් පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිකරගත් මත ගැටුමේ එක් තීරණාත්මක කරුණක් වූයේ කොළඹ ලොජ්වල සිටි දෙමළ ජනතාව ආරක්ෂක හේතූන් මත කොළඹින් පිටකිරීමට ගත් තීරණයට සහයෝගය දැක්වීමයි. එල්ටීටීඊ බුද්ධි අංශවල ක්රිසයාකාරීත්වය අඩපන කිරීමට හේතු වූ මේ සහයෝගය දැක්වීම හරහා විමල් වීරවංශ කර ඇති වරද ද සුළුකොට තැකිය නොහැක.

• පළාත් සභා ඇතිකර දහතුන්වන ආණ්ඩුක්රල‍ම ව්ය වස්ථා සංශෝධනය හරහා නීති විරෝධීව එක්කර තිබූ උතුරු නැගෙනහිර යළි වෙන් කරන ලෙස ඉල්ලා ශ්රේධෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා විමල් වීරවංශ ය. ඒ මගින් ව්යධවස්ථාව හරහා වෙනම රාජ්ය්යක් ලබාගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් එල්ටීටීඊයට අහිමිව ගිය අතර ඒකීය රාජ්යකයක් වෙනුවෙන් දිගටම පෙනී සිටිමින් සිදු කරන ලද මේ වරද නැවත සකස්කළ නොහැකි තත්වයට පත්ව ඇත.

• අන්තර්ජාතික ප්‍යටජාවගෙන් සහ රාජ්යියන්ගෙන් මුදල් සෘජුව ලබාගෙන වෙනම රාජ්යසයක මූලික ලක්ෂණ ස්ථාපිත කරගැනීමට එල්ටීටීඊයට තිබූ අවස්ථාව අහිමි කරමින් සුනාමි සහන මණ්ඩලය(P-TOMS)ට එරෙහිව ශ්රේබෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා ද අන් කිසිවෙකුත් නොව විමල් වීරවංශ ය. ජනතා විමුක්ති පෙරමුණට තමන් දරමින් සිටි ඇමතිකම් පවා අතහැරීමට මේ වරද නිසා සිදුවිය.

• 2002.02.22 දින රටේ 2වන පුරවැසියා වන අගමැති රනිල් වික්‍ිමමසිංහ සහ ප්‍්2භාකරන් විසින් දෙපලක සිට අත්සන් කළ සටන් විරාම ගිවිසුමට එරෙහිව තවත් සගයන් පිරිවරාගෙන ශ්රේනෂ්ඨාධිකරණයට ගිය පුද්ගලයා ද විමල් වීරවංශ ය. පසුව ඒ ගිවිසුම රජය විසින් ම අහෝසි කරන තුරු අදාල අධිකරණ ක්රිගයාමාර්ග නොකඩවා කරගෙනයාමට තරම් දඩබ්බර වූ විමල් වීරවංශගේ මෙම නඩුව නිසා – බදු එකතුකිරීමේ ක්‍රමමවේදයක් සහිත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවක්, මුද්දර නිකුත් කරන තැපැල් සේවාවක්, පොලිස් දෙපාර්තමේන්තුවක්, බැංකු පද්ධතියක්, අභ්යතන්තර පරිපාලන ව්යුූහයක්, නඩු අසා දඩුවම් දෙන අධිකරණ පද්ධතියක්, බන්ධනාගාර ව්යු්හයක් ආදිය සහිතව සකස් කරගෙන තිබූ වෙනම රාජ්යරයක ව්යූනහය නීත්යා නුකූලව ස්ථාපිත කරගැනීමට එල්ටීටීඊයට තිබූ අවස්ථාව අහිමි විය. එපමණක් නොව උතුරේ දෙමළ ජනතාවට “ප්‍ව භාකරන් යටතේ තරු පහේ ප්‍ණකජාතන්ත්‍ ුවාදය බුක්ති විදීමට තිබූ අවස්ථාව“ අහිමි කිරීමට ද විමල් වීරවංශ විසින් සිදු කළ මේ වරද හේතු විය.

• හමුදා කදවුරක් කදවුරක් ගානේ ගොස් දේශන පවත්වමින් සෙබළුන්ගේ චිත්ත ධෙර්යය වඩාලන්නට ද විමල් වීරවංශ කටයුතු කළේය. මේ ගමන්වලදී ඒ ඒ කදවුරුවලින් ජල බෝතලයේ සිට දිවා රාත්රීේ ආහාර වේල් දක්වා වූ රජයේ දේපල තම භාවිතයට ගත් ඔහු සටන් විරාම ගිවිසුමෙන් අඩපණව සිටි හමුදාව යළි පිබිදවීමට දායක විය. එල්ටීටීඊය පරාජය කිරීමේදී තීරණාත්මක වූ මේ වරද පිළිබදව අදටත් හමුදා සෙබලුන් සිහි කරන අතර හමුදා සෙබලුන්ගේ මේ දේශමාමක මානසිකත්වය “ සංහිදියාව“ ඇති කිරීමේදී සහ හමුදා කදවුරු ඉවත් කිරීමේදී අදටත් රජය අපහසුතාවය පත් කරන්නක් වී තිබේ.

• එල්ටීටීඊ විරෝධී සටනට සෙබලුන් අවශ්යබ වුවත් හමුදාවට බැදෙන ප්‍ඉවමාණය සීග්රලයෙන් පහත බැස තිබූ යුගයක රටපුරා ගොස් කරුණු පැහැදිලි කරදී ජාතිමාමක තරුණයන්ගෙන් හමුදාව පුරවන්නට විමල් වීරවංශ දායක විය. අවුරුද්දකට දෙතුන් සියයක් වූ හමුදාවට බැදෙන ප්‍රවමාණය අවුරුද්දකට පහලොස් දහස දක්වා වැඩිවීමට විමල් වීරවංශගේ මේ දායකත්වය උදව් වූ අතර ඔහු විසින් කරන ලද මේ වරද හේතුවෙන් ඇතිවූ හමුදා සෙබල සංඛ්යා‍වේ වර්ධනය එල්ටීටීඊය පරාජය කිරීමේදී ප්රහ‍බල සාධකයක් විය.

• එල්ටීටීඊ විරෝධී සටනේ උච්චතම අවස්ථාවකදී එනම් 2007දී අයවැය පරාජය කර රජය අස්ථාවර කිරීමටත් එමගින් එල්ටීටීඊයට එරෙහි සටන ආපසු හැරවීමටත් පාර්ලිමේන්තුව තුළ තිබූ උත්සාහය පරාජය කිරීමට ද විමල් වීරවංශ පියවර ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්රීහවරුන් 39කගේ නායකයා ලෙස කටයුතු කළ ඔහු අවසන් මොහොතේ දී ඒ උත්සාහය පරාජය කිරීම හේතුවෙන් යුද්ධය අතරමග නතර කර අද දක්වාත් පවත්වාගෙනයාමට තිබූ ස්වර්ණමය අවස්ථාව රටට අහිමි කළේය.
විමල් වීරවංශ යනු තනි පුද්ගලයෙකු නොවේ. ඔහු නිතරතුරුවම කණ්ඩායමක්, බලවේගයක් සහ ව්යා පාරයක් නියෝජනය කරන අතර ඒ කණ්ඩායමට, බලවේගයට හා ව්යාාපාරයට නායකත්වය දීමට කටයුතු කරන්නෙකි. එනිසාම ඉහත කී වැරදි සදහා විමල් වීරවංශට තනිව දඩුවම් කිරීමෙන් පලක් නොවන අතර ඔහුගේ කණ්ඩායමේ, බලවේගයේ සහ ව්යා පාරයේ සියළුදෙනාටම එරෙහිව දඩුවම් කිරීමෙන් පමණක් ඔහු නිහඩ කළ හැකි වනු ඇත.
තවද විමල් වීරවංශ විසින් සිදුකරන ලද ඉහත දක්වන ලද ආකාරයේ තවත් වැරදි පිළිබදව ඔබ දන්නා තොරතුරු ද ප්‍න සිද්ධ කිරීමට පියවර ගන්නා මෙන් මෙයින් ඉල්ලා සිටින අතර ඉදිරියේදී විමල් වීරවංශට එරෙහිව වඩාත් පරිපූර්ණ චෝදනා පත්‍ා යක් සකස් කිරීමට ඒ තොරතුරු උපකාරී කරගත් හැකි බවද සදහන් කරනු කැමැත්තෙමි.
නීතීඥ කපිල ගමගේ

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!