“විමල්ට ඇප ගන්න නම් හොඳ නීතිඥමහත්වරු අල්ලන්න ඕන..” – විමල්ට ඇප ගන්න හැටි කියන පී. අජිත්

“විමල්ට ඇප ගන්න නම් හොඳ නීතිඥමහත්වරු අල්ලන්න ඕන..” – විමල්ට ඇප ගන්න හැටි කියන පී. අජිත්

Spread the love
  •  
  •  
  •  
  •  

විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිරගත වී ඇත්තේ මහජන මුදල් අවභාවිතා කළ බැවින් නිසා ඔහු දේශපාලන සිරකරුවෙකු නොවන බවත්, එහෙයින් උපවාස කළා කියා ඔහුට ඇප ලබා නොදෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (22) දෙක ඔහු මෙසේ පැවසීය.
“අපේ රටේ ඇප නීතියක් තිබෙනවා. ඇප පනතක් තිබෙනවා. මහජන දේපොළ සම්බන්ධ වැරදිවලට ඇපදීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ නීතියක් තිබෙනවා. ඒ අනුව කරුණු අධිකරණයට ගිහින් කියන්න අවශ්‍යයි. උපවාස කිළා කියා ඇප දෙන්නේ නැහැ. නීතිඥයෙක් විදිහට මට කියන්න තියන්නේ උපවාස කිරීම තේරුමක් නැති දෙයක් කියන එකයි.
නමුත් දේශපාලනඥයෙක් විදිහට කල්පනා කළාම ඒක නැගල යන පුවත් මවන වැඩක්. ඕනෑම සැකකරුවෙකුට සුදුසු කොන්දේසි මත, සුදුසු අවස්ථාවල ඇප දෙනවා. ඒකට හොද නීතිඥමහත්වරු අල්ලන්න අවශ්‍යයි“ යැයිද හෙතෙම කියා සිටියේය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!