“විපක්ෂ නායක කම දෙමළ සංධානයට දිය යුතුයි…” – ජ.වී.පෙ

“විපක්ෂ නායක කම දෙමළ සංධානයට දිය යුතුයි…” – ජ.වී.පෙ

Spread the love
  •  
  •  
  •  
  •  

රට තුළ බල පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දේශපාලන සදාචාරය අනුව විපක්ෂ නායක පදවිය හිමිවිය යුත්තේ ආණ්ඩුවෙන් පරිබාහිර ඊ ලඟට වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත දේශපාලන කණ්ඩායමට යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පවසා ඇත්තේ, එම දේශපාලන යථාර්ථය අනුව ශ්‍රී ලංකාවේ මී ළඟ විපක්ෂ නායක පදවිය දෙමළ එක්සත් සන්ධානයට හිමි විය යුතු බවයි.
‘ඔවුන්ගේ පරමාර්ථ අපෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් මේ රටේ පුරවැසියන්. ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ ආසන හයක් පමණයි. එම තත්වය යටතේ වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත දෙමළ ජාතික සන්ධානයට අනිවාර්යයෙන්ම විපක්ෂ නායක පදවිය හිමි විය යුතුයි’ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා පෙරමුණත් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතරවාරයේ විපක්ෂ නායක පදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත තබා ගැනීමට යාම දේශපාලන විකෘතියක්ය යන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහසයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!