විදුලිය බිඳ වැටීමක් වු වහාම හමුදාව සහ පොලිසිය කැඳවීමට යයි

විදුලිය බිඳ වැටීමක් වු වහාම හමුදාව සහ පොලිසිය කැඳවීමට යයි

Spread the love
  •  
  •  
  •  
  •  

දිවයිනේ කුමන ස්ථානයක හෝ මින් ඉදිරියට විදුලිය බිඳ වැටීමක් වුවහොත් වහාම ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු බළකායේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ‍පොලීසියේ නිලධාරීන් යොදවා අඛණ්ඩව විදුලිය සැපයීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.ඊට අමතරව ජනතාවට අඛණ්ඩව විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක විසඳුමක් ගෙන ඒමටද රජය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රිපල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරුන් සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසු රජය මෙම තීරණවලට එළැඹ ඇත.
ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට බාධා පමුණුවන ඕනෑම ස්ථානයකට ක්ෂණිකව ‍පොලීසියද අවශ්‍ය වුවහොත් හමුදාවද කැඳවීමට රජය ඒ අනුව තීරණය කර තිබේ.
එමෙන්ම ඊටඅමතරව 2008 වර්ෂයේදී මෙරට විදුලිය සැපයීම සම්බන්ධයෙන් ගත යුතු පියවර නිර්දේශ කරමින් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කිසිම ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැන ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීගෙනුත් ඊට වගකිව යුතු ඉංජිනේරුවන්ගෙනුත් නිදහසට කරුණු විමසීමටද රජය වැඩිදුරටත් තීරණය කර තිබේ. එමෙන්ම මේ අතර හදිසියේ විදුලි බිඳවැටීමක් වුවහොත් මුළු කලාපයකම පරිපථය විසන්ධි නොවන ආකාරයට මෙගාවොට් 55 ක ධාරිතාවයකින් යුතු ජංගම විදුලි ජනක යන්ත්‍ර පරිපථය බිඳ වැටුණු ස්ථානයට සවිකිරීමේ නව ක්‍රමවේදයක් රජය හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
නව ක්‍රමවේදය යටතේ හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ ස්ථානයට මෙගාවොට් 50ක විදුලි ජනක යන්ත්‍ර අනුයුක්ත කිරීම මගින් පරිපථය සම්පූර්ණ කර ඉන් විදුලිය සපයන ප්‍රදේශවලට විදුලිය අඛණ්ඩව සැපයීමට හැකියාව ලැබෙනු ඇත.
නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් විදුලියදීමට ගතවන්නේ විදුලි ජනක යන්ත්‍රය රැගෙන යාමට ගතවන කාලය පමණක් බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!