විජයකලා අත්අඩංගුවට ගනී

විජයකලා අත්අඩංගුවට ගනී

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

හිටපු රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේස්වරන් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා විජයකලා මහේස්වරන්ට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අද (08) කැඳවීමක් කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට යාපනයේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් මිට පෙර විමර්ශන කිහිපයක් සිදු කෙරුණි.
එම චෝදනා හේතුවෙන් අමාත්‍යවරිය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද පසුගියදා ඉල්ලා අස් විය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!