විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාස භංගයක්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් දහතුන් දෙනෙකු විසින් පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටී.
මෙසේ විශ්වාසභංගය ගෙනඒමට සැලසුම් කරමින් සිටිඞ්නේ ඊ.පී.ආර්.එල්.එෆ්,ටෙලෝ,ප්ලොට් යන දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 13 දෙනෙකි.
උතුරු ප‍්‍රධාන අමාත්‍ය නිල නිවසේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී විග්නේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශයක් නිසා මෙම විශ්වස භංග ත්‍යා්ජනාව ටගන එන බ වාර්ති වෙයි.
ඊ.පී.ආර්.එල්.එෆ්,ටෙලෝ,ප්ලොට් වැනි කලක් ආයුධ සන්නද්ධව සිටි පිරිස් සමග තමන්ට වැඩකළ නොහැකි බවත් තමන් ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩකිරීමට සූදානම් නොමැති බවත් විග්නේෂ්වරන් විසින් එහිදී ප‍්‍රකාශ කර තිබේ.
සන්නද්ධ කණ්ඩායම් වලට අවශ්‍ය පරිදි තමන්ව හසුරුවාගත නොහැකි බව කියාසිටි විග්නේෂ්වරන් තමන් කටයුතු කරන්නේ තමිල් අරසුකච්චි පක්ෂයට අවශ්‍ය විදියට යැයි ද වැඩිදුරටත් කියා ඇත.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!