විග්නේශ්වරම්ට හමුදාවෙන් කන්න බෑ කියයි

විග්නේශ්වරම්ට හමුදාවෙන් කන්න බෑ කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05 වැනිදා) කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී පැවැති ජාතික උත්සවයකදී හමුදා කඳවුරකින් දිවා ආහාර ගැනීමට ලැබුණ ආරාධනාවක්‌ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.
ආහාර නිෂ්පාදනය පිළිබඳ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී පැවැති අවස්‌ථාවේදී මෙය සිදුව ඇත.
එම උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ට එදින දිවා ආහාරය වට්‌ටකච්චි හමුදා කඳවුරේ සූදානම් කර ඇත.
එහිදී උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියන තමන්ට හමුදා කඳවුරක්‌ තුළට ගොස්‌ ආහාර ගත නොහැකි යෑයි පවසා විග්නේෂ්වරන් මහතා මෙසේ ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!