“විකල්ප කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වනවා”-හිටපු හමුදාපති ජනාධිපති අපේක්ෂකත්වය ගැන කට අරි

“විකල්ප කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වනවා”-හිටපු හමුදාපති ජනාධිපති අපේක්ෂකත්වය ගැන කට අරි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

හිටපු හමුදාපති ජෙනරල් මහේශ් සේනානායක මහතා ප්‍රථම වරට සමාජ මාධ්‍ය වෙත පැමිණ ඉදිරි ජනාධිපතිවරණය සහ රටේ තත්වය ගැන තම පුද්ගලික අදහස් ප්‍රකාශ කලා. ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයෙක් සමාජ මාධ්‍ය වෙත්‍ය අදහස් දැක්වීමට පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය විශේෂ වනවා. පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව හිටපු හමුදාපතිවරයා ජනතාව අතර වඩා කතා බහට ලක්වන පුද්ගලෙක් බවට පත්වුනා. මෙය කිසිසේත් සැලසුම් නොකළ අහම්බයකින් සිදු වූවක් බව ඔහු පවසනවා.  එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නෙදැයි නගන ලද පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තවමත් එවැනි අදහසක් තමන් තුළ නොමැති බවයි. කෙසේ වෙතත් නොයෙක් විකල්ප සංවිධානයන් තමන් සමග සාකච්ඡා කර ඇති බව සේනානායක මහතා සඳහන් කලා. එම කණ්ඩයම් අපේක්ෂකත්වයට වඩා තමන්ගේ සහයෝගය ඉදිරි කටයුතු සඳහා බලපොරොත්තු වන බව ඔහු පවසනවා.

(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!