වැස්සට දියවුණු ලංකාවේ අවසන් හීනය..(වීඩියෝ)

වැස්සට දියවුණු ලංකාවේ අවසන් හීනය..(වීඩියෝ)

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති  තෙවැන් විස්සයි විස්ස තරඟයත් ජය ගනීමට ද.අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තෙවන තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ද.අප්‍රිකානු කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී රැස්කළ කලුණු සංක්‍යාව 192ක් වේ. එහිදී ද.අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Dwaine Pretorius ලකුණු 77ක් හා Reeza Hendricks ලකුණු 66ක් ලබා ගත්තා. ඉන් අනතුරුව ලකුණු 193ක ඉලක්කයක් ඇතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන් එක පෙලට දැවී යද්දී කණ්ඩායමේ ඉනිම ගොඩගනු ලැබුවේ ඉසුරු උදානයි. නමුත් තරගය අතරතුර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඉන්පසු තරඟය ආරම්බ කලේ ඩක්වට් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනුවපන්දු 35කදී ලකුණු 72ක ඉලක්කයක් ලංකාවට ලබා දෙමින් වේ. නමුත් අවාසනාවන්ත ලෙස ලංකාවේ බලාපොරොත්තුව වූ ඉසුරු උදාන දැවී යාමත් සමග ලංකාවේ ඉනිම අසාර්ථක වුනා. ඉන් අනතුරුව ඉතිරි කඩුළු සියල්ල පන්දුවාර දෙකක් ඇතුලත බිඳ වැටීමත් සමග තරඟයේ ජය ද.අප්‍රිකානු කණ්ඩායම සතු වුනා.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!