“වැරදි මතයක්… අපේ පල්ලිය දළදා මාලිගාවට වඩා උස්සන්නේ නෑ…” – ඇමති අබ්දුල්

“වැරදි මතයක්… අපේ පල්ලිය දළදා මාලිගාවට වඩා උස්සන්නේ නෑ…” – ඇමති අබ්දුල්

Spread the love
  •  
  •  
  •  
  •  

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ රන් වියනට හා පත්තිරුප්පුවට වඩා උසින් කිසිදු ආගමික ස්ථානයක ඉදිකිරීමක් සිදු කිරීමට අවසර ලබානොදෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වැරදි අවබෝධයක් නිසා දෙපාර්ශවයක් අතර ඊයේ (05) ඇතිවූ ගැටලුකාරී තත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකිවූ බවය.
මහනුවර නගරයේ මුස්ලිම් පල්ලියක කොටසක් දළදා මාලිගාවේ රන් වියනට හා පත්තිරුප්පුවට වඩා උසින් ඉදි කිරීමේ සූදානමක් ඇති බව පවසමින් සංවිධාන කිහිපයක් ඊයේ (05) මහනුවරදී විරෝධතාවයක නිරත විය.
මේ සම්බන්ධයෙන් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මෙලෙස කරුණු දැක්විය.
“පල්ලියේ ගොඩනැගිල්ල දළදා මාළිගාවට වඩා උසට ඉදිකිරීමට උත්සාහ දරණ බවට වැරදි මතයක් පැතිරී ගිය නිසා පුංචි කලබලයක් ඇති වුණා. මම පල්ලියේ භාරකාර මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. එයාලා මෙම ගොඩනැගිල්ල දළදා මාළිගාවට වඩා උසට ඉදිකිරීමට කිසිසේත් කැමති නැහැ”.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!