වැරදිකරු වුනොත් දෙදෙනාටම මරණ දඬුවම…

වැරදිකරු වුනොත් දෙදෙනාටම මරණ දඬුවම…

Spread the love
  • 96
  •  
  •  
  •  
    96
    Shares

පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 296, 298, 327, 328, 329, 410 ගත්තේ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා අද දිනයේ අධිකරණය හමුවේ කියා සිටියේය.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
මෙම වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් දෙදෙනා ඒවාට වරදකරුවන් වූවොත් මාස තුනක සිට අවුරුදු 5 දක්වා සිරදඬුවම් සහ දඩ නියම කල හැකි මෙන්ම 296 වගන්තිය යටතේ උපරිම ලෙස මරණ දඬුවමද නියම කල හැකිය.
මෙම සැකකරුවන්ට නීතිපති දෙපාර්තමේන්තුව විසින් මිනී මැරුම් චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැන තොරතුරු වසන් කිරීමක් මත සිදු වූ බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු බව සඳහන් කරමිනි.

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!