වැඩි ආසන ගණනකින් පොහොට්ටුව දිනනවා .ගාමිණී ලොකුගේ අනාවැකිය

වැඩි ආසන ගණනකින් පොහොට්ටුව දිනනවා .ගාමිණී ලොකුගේ අනාවැකිය

Spread the love
  •  
  •  
  •  
  •  

පොහොට්ටුවට වැඩි ඉල්ලුමක් තිබෙන බවත් මෙවර වැඩි ආසන ප්‍රමාණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික ගාමිණි ලොකුගේ මහතා පවසයි.
පොහොට්ටුව දිනාවිද?
ඔව් දිනයි. වැඩි ආසන ගණනක් අරන් දිනනවා.
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවාද?
එකේ ඉදන් තමයි මේකට සහාය වෙන්නේ.
පොහොට්ටුවට සහාය දක්වන්න අයට ශ්‍රිලනිප අයින් කරනවා නේද?
ඒක ඒ වෙලාවට බලමු.
පොහොට්ටුව පක්ෂයේ දැන් තත්ත්වය කොහොමද?
ඉතාම සාර්ථකයි. මොකද වැඩි ඉල්ලුමක් තියෙනවා අපේක්ෂකතාවය ගන්න. ඉතිං ඒ කියන්නේ ජනතාවගේ වැඩි කැමැත්ත තියෙන්නේ පොහොට්ටුවටයි.
ලිංගික අල්ලස් චෝදනාවක් තියෙනවා පොහොට්ටුවට ?
එහෙම චෝදනාවක් තියෙනවානම් ඒ අයට තියෙන්නේ කෙලින්ම පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. එක පොලිසිය පරික්ෂණ කරනවා.
බැසිල් රාජපක්ෂ හා ජී.එල් ගැන පක්ෂය ඇතුළේ තියෙන්නේ මොනවාගේ අදහසක්ද?
ඒ දෙන්නා තමයි ඇත්තටම මේ පක්ෂයේ වැඩි කාර්යභාරයක් කළේ. එයාලා නිසා තමයි මේ තරම් දුරක් එන්න ලැබුණේ.
ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටුව ඉදිරිපත් වෙයිද?
එහෙම අදහසක් නැතිවම නෙමෙයි.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!